Chapter 26

190 50 52
                                    

(අන්තිමට තියන නොට් එක කියවලා යන්න🙂🙏)

" අහ්........... "

මං හිතුවේ එය දූවිලි හා මකුළුදැල් වලින් පිරිලා තියේවි කියලයි..... ඒත් එහෙම උනේ නෑ..... ඒක කවුරුහරි පාවිච්චි කරලා වගේ ගොඩක් ලස්සනට....... පිරිසිදුව තිබුනා.....

" මේක..... මේ......... මං හිතුවෙ........."

" නෑ දුව....... මං මේකට එක දූවිලි පොදක් වත් වැදෙන්න ඉඩ දුන්නෙ නෑ.......... "

පියරජතුමා එහෙම කියද්දි මං හිමීට කාමරේ ඇතුලට ගියා....... හැමදේම තිබුනු විදියටම තියෙනවා...... අවුරුදු එද්දාස් පන්සීයක් ගිහිල්ලත් තාමත් මේ කාමරේ එදා මං මේ කාමරෙන් එලියට යද්දි තිබුන විදියටම තියෙනවා..... ඇඳේ බෙඩ් ශීට් එක පවා ඒ විදියමයි. මේසය උඩ තිබුනෙ මං බාගෙට ගොතපු පුංචි තොප්පියක්........ ඒ මගේ ඉපදෙන්න හිටපු දරුවට....... අපේ කාමරේට එහායින් තිබුනෙ අපේ පුංචි පැටියට හදපු කාමරේ....... ඒක හරිම ලස්සනයි...... සෙල්ලම්බඩු, ඇඳුම්...... ඒ මං ආසාවෙන් එකතු කරපුවා.......

ඇහැට කඳුළක් ආවෙ මටත් නොදැනීමයි.

" ඔහ්....... රේචල්.......... "

හිතේ තිබුනු වේදනාව කඳුළු එක්ක දියවෙලා කම්මුල් දිගේ ගලාගෙන යද්දි මං ඒ පුංචි ඇඳුමක් අරන් පපුවට තුරුළු කරගෙන ඇඬුවා. "රේචල්..... " ඒ මං මගේ බඩේ ඉඳපු දූ පැටියට දාපු නම...... ජන්කුක් ඇවිත් මාව තුරුළු කරගත්තා.

" අනේ...... මට සමාවෙන්න ජන්කුක්.......මං..... මං එදා එලියට නොයන්නයි තිබුනෙ....... එහෙම උනානම් මේ දේවල් වෙන්නෙ නෑ නේ....... එහෙනම් අද අපේ දරුවත් අපි ලඟ ඉන්නවා......... මේ සේරම මං හින්දා....... අනේ මට සමාවෙන්න........... "

මං ජන්කුක්ගේ පපුවට ඔලුව තියාගෙන එහෙම කියද්දි ජන්කුක් මුකුත් නොකියා බලාගෙන හිටියා. මට තේරුනේ නෑ ඒ ඇයි කියලා..... මං හිමීට ඔලුව උස්සලා ජන්කුක්ගෙ මූන බැලුවා. ඒ කඳුළු පිරුන ඇස්වල ලොකු දුකක්, පසුතැවීමක් තිබුනා... මට එයාගෙ හිත කියවන්න බැරිවුනේ පියරජතුමා ගෙ බලයෙන් ඒ හැකියාව අවහිර කරලා තියෙන නිසයි.....

ඒත් මට දැනුනා මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා..... ඒත් එයාලා ඒක මට කියන්නෙ නෑ...... මං තවත් එතන ඉන්නෙ නැතුව නැගිටලා කාමරෙන් එලියට ආවා. ජන්කුක් මං එක්ක එන්න හැදුවත් පියරජතුමා ජන්කුක් නවත්තනවා මං දැක්කා......

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Onde histórias criam vida. Descubra agora