Chapter 22

188 42 22
                                    


" උඹලා ආවා එහෙනම්......... මාත් මේ හිටියෙ උඹලා එනකම් තමා......."



ජියා වියරුවෙන් කිව්වා...... ඇත්තටම වෙන කෙනෙක්ට නම් ඒක ඇහෙන්නෙ ගෙරවීමක් වගේ...... ඒත් අපි වැම්පයර්ලානෙ.... ඕනම භාශාවක් අපිට තේරෙනවා.....



" කරුනාකරලා මේ වැඩේ නවත්තනවා ජියා......... උඹ දන්නවා උඹට අපිත් එක්ක සටන් කරලා දිනන්න බැරි බව....... "



මං හිතට ආපු කේන්තිය බොහොම අමාරුවෙන් පාලනය කරගෙන කතා කලා....... ලොකු කොන්ක්‍රීට් කනුවක් පිටිපස්සට වෙලා හිටපු කියාරා හිමීට එතැනින් එලියට ඇවිත් මගේ අතින් අල්ලගත්තා......

ටේහියුන්ගෙ ඇඟේ හිටපු ලීසා දරුණු බැල්මකින් කියාරා දිහා බැලුවා.......

කියාරා අලුත් කෙනෙක් නිසාත්, වෙරලෙදි සිදුවුන දෙයින් පස්සෙ ටේහියුන්ග්ට බයෙන් සිටින නිසාත් ඇයව ඉක්මනින් විනාශ කර දැමිය හැකියි කියා ජියා හිතුවා. ඇගේ එම සිතුවිල්ලට බාදා උනේ මං කෑගහපු නිසයි......



" නෑ........ ජියා....... මං උඹට කවදාවත් ඒ දේ කරන්න ඉඩදෙන්නේ නෑ.... "



මං එහෙම කියද්දි ජියා ආයෙත් මගේ ඇඟට කඩාගෙන පැන්නා... කෝපයෙන් වියරු වැටුනු ජන්කුක් ජියාව උස්සලා පොලවෙ ගහද්දී මට වගේම කියාරා ටත් කෑගැහුනා.....




" අනේ ජන්කුක් ........ ටේමින්ට කරදරයක් කරන්න එපා......... "


කියාරා කෑගසමින් ටේමින් ලඟට යන්නගියත් මං පැනලා කියාරා ව නැවැත්තුවා...... ඒ වෙලාවෙ ජන්කුක් හිතින් මට කතා කලා....



' හනා..... මට ජියව හරිම ලේසියෙන් මරන්න පුළුවන් ටේහියුන්ග් මැරුවොත්......මොකෝ කියන්නෙ.......... '



ඇත්තටම මට ඒ වෙලාවෙ කෑ ගැහුනා... මං බැලුවේ ජන්කුක් ගේ මූන දිහා....

" මේක විහිලු කරන වෙලාවක්ද ජන්කුක් ......... "




මං හයියෙන් කෑගැහුවා..... කියාරා පුදුමයෙන් මගේ දිහා බැලුවෙ මුකුත් හිතාගන්න බැරුව. මොකද එයා දන්නෑ මං කෑගැහුවෙ ඇයි කියලා. ජන්කුක් හිනාවෙනවා..... ඇත්තටම මෙහෙමත් විහිලු කරනවද.... මෝඩයා....... බූරුවා.....පිස්සා........ වවුලා.......

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now