Chapter 24

166 42 12
                                    

" දැන් සෙල්ලම් කලා ඇති ලීසා......


මං කෑගහපු සද්දෙට මුළු බිල්ඩිමම හෙල්ලිලා ගියා. මං අහසට අත දික් කලාම ලොකු අකුණක් අහසින් මගේ අතට ඇදිලා ආවා. මගේ ඇඟෙන් හතර අතට විදුලි සැර විහිදෙද්දි ජන්කුක් ඒ විදුලියෙන් බිල්ඩිම ඇතුලෙ අකුණු කුණාටුවක් මැවුවා. වේගෙන් ඒ මේ අත පැන පැන හිටි මී ලීසා ඒ අකුණු වැදිලා බිම වැටෙද්දී ඒ මීයගේ කටේ තිබුනු දිග උල් දතක් බිත්තියෙ අයිනක හිටපු ටේහියුන් දිහාට විද්දා..... ඒක කෙලින්ම ගියේ ටේහියුන් ගෙ පපුවට. ඒත් ඒක ටේහියුන් වෙත ලං වෙන්න කලින් කියාරා ටේහියුන් ගෙ ඉස්සරහට පැන්නා.......


" කියාරා................. "

මං අකුණු බලය පාවිච්චි කර කර හිටපු නිසා මට කියාරා ලඟට යන්න බැරි උනා. ලීසා යවපු ඒ දිග උල් දත කියාරා පපුව ඇතුලටම ගිහින් නැවතුනා. කියාරා හිටපු තැනම ඇස් දෙකත් ලොකු කරන් බිම දනින් වැටෙද්දී මං දැක්කා ඒ දත දියවෙලා ඒ විෂ කියාරා ගේ මුළු ඇඟ පුරාම පැතිරෙනවා....


කියාරා ගැන අවදානය යොමු කරපු නිසා මගේ අකුණු බලය ටිකෙන් ටික අඩු උනා. ඒකෙන් ලීසාට ටිකෙන් ටික පණ එනවා දැකපු ජන්කුක් හයියෙන් කෑගැහුවා. කියාරා අප්‍රාණිකව බිම ඇදවැටෙද්දී මං අමාරුවෙන් මගේ බලයට හිත යොමු කරලා තවත් අහසෙන් අකුණු ඇදගනිමින් මගේ ශක්තිය වැඩිකලා..........


නැවතත් විදුලි සැරෙන් අප්‍රාණික වූ ලීසගේ පපුව තම දිග ශක්තිමත් නියපොතු වලින් හාරපු ජන්කුක් ඒ ලොකු මීයගේ හදවත එලියට ගත්තා. ලීසගෙ නපුරින් අපිරිසිදු වෙලා කළුපාට වුනු ඒ හදවතෙන් කළු තාර වගේ රුධිරය වෑහුනා. හදවත නෑ කියලා ඒ ලීසගේ ආත්මය තියෙන මීයා මැරෙන්නෙ නෑ......

ජන්කුක් මගෙන් විහිදෙන අකුණු වලින් එයාගෙ බලය පාවිච්චි කරලා රතුපාට ගිණි පුලිඟුවක් හැදුවා. ඊටපස්සෙ ඒ පුලිඟුව මී ලීසගෙ ඇඟට දැම්මා. පුළුන් කෑල්ලක් ගිණිගන්න වගේ හරිම පහසුවෙන් ඒ ලොකු මීයගෙ ඇඟ ගිණි ගනිද්දී ඒකෙන් පිටවුනු කළුපාට දුමක් ජන්කුක්ගෙ අතේ තිබුන මීයගෙ හදවතට ඇතුල්වුනා... ඊටපස්සෙ ජන්කුක් ඒක වටේට ආරක්ෂක බෝලයක් හැදුවා. දැන් ලීසගෙ ආත්මය ඒක ඇතුලෙ හිරවෙලයි තියෙන්නෙ......

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now