Chapter 30

173 32 69
                                    

තාත්තගෙ අතේ එල්ලිලා පොඩිකාලෙ ඇවිද්දා වගේ අද මං තාත්තගේ අතේ එල්ලිලා මගේ ජීවිතේ වැදගත්ම ගමනක යනවා.......
ඒ ගැන හිතද්දි මගේ ඇහැට කඳුළු පිරුනෙ මටත් නොඳැනීමයි.....


මං ඇවිදගෙන යද්දි මං ඇඳන් හිටපු ගවුමේ කොටසකුත් දිග වේල් එකත් මගේ පිටිපස්සෙන් බිම දිගේ ඇදි ඇදී ආවා. ඒ සුදුපාට ගවුමේ උඩ කොටස සුදුපාට හා ලා නිල්පාට රෝස මල් හා සුදුපාට සිනිදු පිහාටු වලින් වැඩ දාලා තිබුන අතර ගවුමේ පහල කොටස තැනින් තැන මුතු හා සුදුපාට හා නිල්පාට ගල් අල්ලා හැඩකර තිබුනා. මගේ ඔලුවේ තිබුන රත්තරං ඔටුන්නේත් පුංචි නිල් පාට දියමන්ති අල්ලලා තිබුනා. ඒ හැමදේම ගලපලා තිබුනෙ ජන්කුක් මට දීපු නිල් දියමන්තිය තියෙන මාලයට....


"අද ඔයා ගොඩාක් ලස්සනයි මගේ දුවේ.... දැන් නම් ඔයා ඇත්තටම රැජිණක් වගේ...."


මාව එක්කගෙන යන අතරේ තාත්තා කිව්වෙ මගේ දිහා බලලා..... ඒ ඇස් වල කඳුළු පිරිලා....


"ඔයා තමයි මේ ලෝකෙ හොඳම තාත්තා"


මං එහෙම කියද්දි තාත්තා ආදරෙන් මගේ නලලට හාදුවක් දුන්නා..... ජන්කුක්ගේ නිවසේ මැද සාලය හරි ලස්සනට සුදු හා නිල් පාට රෝසමල් වලින් සරසලා තිබුනා. මං කාමර පේලියෙන් එලියට එද්දි දැක්කෙ පහල ඉඳන් මගේ දිහා බලන් ඉන්න ජන්කුක්ව. එතන ලස්සන මඟුල් පෝරුවක් තිබුනා.... ජන්කුක් ඒක උඩට වෙලා පුදුමයෙන් වගේම ආදරයෙන් මගේ දිහා බලාගෙන හිටියා.

එයා ඇඳලා හිටියේ තද නිල් පාට කෝට් කිට් එකක්

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

එයා ඇඳලා හිටියේ තද නිල් පාට කෝට් කිට් එකක්..... ඒකට එයා හරිම ලස්සනයි.....


ඊට එහායින් ටේහියුන් කියාරා දෙන්නා හිටියෙ. ඒ දෙන්නත් හරිම ලස්සනයි.... තව අපේ පවුලේ කීප දෙනෙකුත් ඇවිල්ලා හිටියා. මං තාත්තත් එක්ක පඩිපෙල බහිද්දි ඒ හැමෝම බලාගෙන හිටියේ මං දිහා.

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Место, где живут истории. Откройте их для себя