Chapter 19

185 38 35
                                    


කියාරා ඔලුව පහත් කරලා ඒ වදන් පිලිගත්තා... ජන්කුක් ගේ ප්‍රතාපවත් පෙනුම දැක්කම ඇයට සුපුරුදු විදියට ඔහුට ජන්කුක් කියා ඇමතීමට නොහැකි උනා........

"හී........මැට්ටි..... ඔහොම මට ගරු කරන්න එපා. මට වෙනදා වගේම ජන්කුක් කියන්න...... "

ජන්කුක් හිනාවෙලා එහෙම කියන ගමන් කියාරා ගේ ඔලුවට තට්ටුවක් දැම්මා..... ඊට පස්සෙ ඔහු අත් දෙක අහසට දික්කරගෙන අමුතු භාශාවකින් මොනවද කිව්වා...... කියාරාට නම් ඒ කියන කිසිම දෙයක් තේරුනේ නෑ.... ටිකවෙලාවකින් ජකුක්ගෙන් ගෙන් ලොකු එලියක් විහිදුනා. ඒ වගේම හඳේ එලියත් ගොඩාක් වැඩිඋනා. හනා හිටියේ මෝහනය වෙලා වගේ හඳ දිහා බලාගෙන....... ඇයගේ ඇස් තද රතු පාටයි. කියාරා පරිස්සමට හනාගෙ උඩ ඇඳුම අයින් කලා. හඳ එලියට ටිකෙන්ටික හනාගෙ ඇඟ දිලිසෙන්න ගත්තා..... ඇය හරියට දියමන්තියක් වගේ.......

ටිකෙන් ටික ජන්කුක් ගේ කටහඬ රෞද්‍ර වූ අතර ඔහුගෙන් පටන්ගත් කුඩා සුලියක් ටික ටික ලොකුවෙමින් හනා ලඟට පැමිණ ඇයව වසාගත්තා....... ඒ සුලිය හනාවත් අරගෙන හිමීට අහසට නැග්ගා...... මුහුදේ කුණාටුවක් වගේ ලොකු රැලි පෙරලුනා... ඒ වගේම වටේ තිබුන වැටකෙයියා පඳුරු අඹරවමින් වේගෙන් හුලඟ හැමුවා....

ටිකකින් ජන්කුක් මතුරන එක නවත්තලා දරුණු විදියට වෙරලෙ තිබුන වැටකෙයියා පඳුරක් දිහා බැලුවා.... ඔහු අනුව මමත් ඒ දිහා බැලුවත් කවුරුවත් පේන්න හිටියේ නෑ..... තවත් අවදානයෙන් බලද්දි මට ඒ සුවඳ දැනුනා...... ඒ ටේහියුන්ග්........

මේ අතරෙ අහසෙ සුලියක් ඇතුලෙ හිටිය හනාගෙනුත් ලොකු එලියක් විහිදුනා....... ඒ සුලිය ටික ටික පහලට ඇවිත් හිමීට නැතිවෙලා ගියා.

" හනා......... "

මං හනා ලඟට දිව්වේ එයා හොඳින්ද කියලා දැනගන්න. එයා හරිම ලස්සනයි.... ලස්සන සේද ඇඳුමක් එයා ඇඳගෙන හිටියා..... ඒක කොහෙන් ආවද කියලා නම් මං දන්නෙ නෑ.......මං හනාගෙ අතකින් අල්ලන්න හදනකොට ජන්කුක් මාව පස්සට ඇද්දා.......

" කියාරා එපා.......... "

" ඇ..... ඇයි......... ජ...ජන්කුක්....."

" හනා තාම චන්ද්‍ර නිද්‍රාවක ඉන්නෙ..... දැන් ඔයා එයාව ඇල්ලුවොත් එයා ඇහැරෙයි. හැබැයි අපි ගැන කිසිම මතකයක් එයාගෙ හිතේ තියෙන එකක් නෑ..... එහෙම උනොත් ඒ මතකය ආපහු ගන්න එක ලේසි නෑ..... ඒ...නි..."

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now