Chapter 2

363 69 10
                                    

හනායාගෙ යාළුවෝ ඇයව ඇමතුවේ හනා කියාය. ඇයද ඊට බොහෝ ආසා කලේ ඒ නම ඇයට හුරු ගතියක් දැනුනු නිසාය. ඒ නම ඇසෙද්දී ඇගේ හිතට අමුතු හැඟීමක් දැනේ.

" හනා..... මේ කොෆී එක අර කෙලවරේ මේසෙ ඉන්න කෙනාට.... "

ඇලිස් දීපු ට්‍රේ එක අතට ගත් හනා ඇය පෙන්වූ මේසය වෙත එය රැගෙන ගියේය. එහි සිටියේ වයස අවුරුදු විසිපහක් පමණ වූ තරුණයෙකි.
ඔහුගේ මුහුණ දෙස නොබැලූ හනා කොෆී එක මේසය මත තබා ආපසු යන්නට හැරුනාය.

"තෑන්ක්ස් "

ඒ ඇසුනු කටහඬින් තිගැස්සී ගීය හනා හිමීට ආපසු හැරුනේය. ඔහු ඇස් හීන් කර ඇය දෙස බලාසිටියේය. ඒ ලා කහපාට ඇස්, රතු හීන් දෙතොල්, සුදුම සුදු මූණ , මඳක් වැවුනු අලුපාට කොණ්ඩය.... ඔහු ඉතාමත් ලස්සනය... කඩවසම්‍ ය.

ඔහු දුටු හනා ගේ මනසේ සැනෙකින් ඡායාවන් කිහිපයක් ඇඳී නැතිවී ගියේය. හේතුවක් නැතුවම ඇයට මහත් දුකක් දැනුනි. දෑස් කඳුලින් තෙමී ගියේ ඇයටත් නොදැනීමය. ඒ නැගුන කඳුළු සඟවා මඳ සිනහවකින් ඔහුට සංග්‍රහ කල හනා නැවතත් ඇලිස් සිටි තැනට ආවේය.

එදා සිට සෑම දිනකම හවස ඔහු අවන්හලට ආ අතර හනා ද ඔහුගේ රුව දැකීමට බලාසිටියේ ආශාවෙනි. එහෙත් ඔවුන් දෙදෙනා අතර වචනයක් හෝ හුවමාරු වූයේ නම් නැත. හනා ට ඔහු දකින සෑම විටම මනසේ ඇඳෙන රූ සටහන් සිහිනෙන්ද පෙනෙන්නට විය. එහෙත් ඒවා තේරුම්ගත නොහැකි ලෙස බොඳවී තිබුනි.

මේ අතර හනා ගේ සොයුරිය ඇයට කරන වෙනස්කම් වැඩිකරමින් තිබුනි. ඇය කෙසේ හෝ හනා ට රිදී විශ බව දැනගෙන තිබුන් නිසා ඇය රිදියෙන් තැනූ විවිද උපකරණ නිවසට රැගෙන එන්නට විය. එයින් හනාට නිතරම හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවිය.

මිශා කෙතරම් කීවද ලීසා ඒ දේවල් ඇසුවේ නැත. ඇය කීවේ හනා ට අවශ්‍ය විදියට නොව තමන්ට අවශ්‍ය විදියට තමන් කැමති දේ කරන බවයි. කෙසේ වුවත් එයින් එක් හොඳක් සිදුවුනි. එනම් හනා ටිකෙන් ටික රිදී වලට හුරු වීමය.

" ඒ හනා ........ ආන් ඔයාගේ හීන කුරුල්ලා ඇවිල්ලා...... "

එක් දවසක උදේ අවන්හලේ සිටිනවිට කියාරා එම පණිවිඩය හනාට ඈත ඉදන් හනා දිහා බලන් ඉන්න තරුනයාව පෙන්නවා කිව්වා. කියාරා මෙහි සේවිකාවකි.

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now