Chapter 25

215 37 27
                                    

" ජේක් ........ ඔබ මේක අරගන්න....... කරන්න ඕන මොනවද කියලා දන්නවනේ...... "


ජන්කුක් ලීසගේ ආත්මය තියෙන මී හදවත ජේක්ගෙ අතට දීලා එහෙම කියද්දි ජේක් සතුටෙන් හිනාවුනා...... අවුරුදු දහස් ගානකට පස්සෙ තම ස්වාමියාගෙන් ලැබුනු පළවෙනි අණ ඉතා සතුටින් ඔහු බාරගත්තා......

" මොකක් හරි ප්‍රශ්නයක් ද ජන්කුක්.......... "

" ම්ම්ම්ම්........ අනේ මන්දා බබා..... ගිහින්ම තමයි බලන්න වෙන්නෙ...... "


" ම්ම්ම්....... අවුරුදු එක්දාස් පන්සීයකට විතර පස්සෙ නේද මේ ඩේඩාර් වලට යන්නෙ.... දැන් එහේ ගොඩක් වෙනස් වෙලා ඇති නේද..... "



" හ්ම්ම්ම්........ "


මං එහෙම කියද්දි ජන්කුක් ලොකු සුසුමක් හෙලුවා... අපි විනාඩි පහලවක් උපරිම වේගෙන් විතර පියෑඹුවා.


ඩේඩාර් මාළිගාව පිහිටලා තියෙන්නෙ ලොකු කන්දක් ඇතුලෙ. ඒ මං මීට කලින් ඉනායා වෙලා ජීවත් උන ඒ කන්ද ඇතුලෙ. ඒ මාලිගාවට ඇතුල් වෙන දොරටුව තිබුනෙ කන්ද එහාපැත්තෙ රක්ශිතය ඇතුලෙ තිබුන ගුහාවක් ඇතුලෙ. රක්ශිතයෙ ඒ පැත්තට කවුරුවත් යන්නෙ නැති නිසා කවුරුවත් මේ ගුහාවෙන් ඇතුලෙ පොළව යටට වෙන්න තවත් ලොවක් තියෙන බව දැනගෙන හිටියෙ නෑ.

මං එහෙට යද්දි ටේහියුන්ගේ ගෙදර තිබුන ගං ඉවුරෙ ලස්සන තනකොල පිට්ටනිය දිහා බැලුවා.... එතන දැන් ගෙවල් දෙකතුනක්ම තියෙනවා...... ඒ වගේම සීයගෙයි ආච්චිගෙයි ගේ තිබුන තැන දැන් තව ගෙවල් ගොඩක් හදලා.... ඉනායා කියන සිරුරෙන් මිදිලා හනායාගෙ සිරුරට එන්න මට අවුරුදු හැටක් විතර ගතවුනා.... ඒ ටික කාලෙට මේ හැමදේම ගොඩක් වෙනස් වෙලා.



ගුහාව ඇතුලේ තිබුනු ගල් බිත්තියේ තිබුනු පොඩි සිදුරකට අත දාපු අර දුඹුරු කොණ්ඩකාරයා තියඩෝර් ඒක ඇතුලෙ තිබුනු කුඩා තිරුවානා ගලක් තදකරලා වට දෙකක් දකුණටත් එක් වටයක් වමටත් කරකැව්වා. එතකොටම මහාහඬක් එක්ක ගල් බිත්තිය දෙබෑ වුනා. එතනින් එහාට තිබුනෙ ලස්සන කිරිඟරුඬ වලින් නිමවූ ආරුක්කු තිබූ විශාල කෝරිඩෝවකි. එහි කෙළවර රත්‍රං වලින් නිමවූ මැණික් හා දියමන්ති ඔබ්බවා තනන ලද අළංකාර මාළිගා දොරටුවයි. අප එය අසලට ළං වෙන විටම එම විසල් දොර දෙපසට ඇරුනි.

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ