Chapter 28

189 38 298
                                    

ඒත් එක්කම ඒ ආලෝකය කියාරා ගේ ඇඟ පුරාම පැතිරුනා. එවිට ඇය වැතිර සිටි ඇඳේ පතුලින් නැගුනු ආලෝකය නැතිව්වී ගියා. කියාරා ගේ කළුපැහැ ගැන්වී තිබූ සිරුර බලාගෙන සිටිද්දිම පැහැපත් උනා. වැසී තිබූ ඇස් එකපාරටම ඇරුනා. ඒවා දුඹුරු මිශ්‍ර රතු පාටයි. එලෙසම සිට දෑස් පමණක් හරවා හනා දේස බැලූ කියාරා ඇසිපිය ගහන පමාවෙන් හනාගෙ ඇඟට පැන ඇයව බිම පෙරලගත්තා.

ග්‍ර්.. ර්ර්ර්ර්........ ර්....

හනාගෙ බෙල්ල තද කරගෙන හිටපු කියාරා ටික වෙලාවක් හනා දිහා බලාගෙන හිටියා... ටිකකින් කියාරා ගේ මූනේ ලස්සන හීනාවක් ඇඳුනා.

" හනා.......... "

කියාරා අඬමින්ම හනාව බදාගත්තා......

" ඒත්....... ඔයා....... ආහ්........ "

කියාරස් එකපාරටම ඔලුව අල්ලගෙන බිම වාඩිවුනා.......

" අ... අනේ...... කියාරා මොකද මේ..... ඔයා හොඳින්ද...... කියාරා........ "

කාටත් කලින් එතනට පැන්න ටේහියුන් කියාරාව තුරුළු කරගෙන එහෙම අහද්දි ජන්කුක් කටත් ඇරගෙන ඒ දිහා බලාගෙන හිටියා. කියාරා ව තුරුළු කරගෙන හිටපු ටේහියුන් එකපාරටම කියාරාව අතෑරලා නැගිට්ටා. ඊටපස්සෙ එයා බැලුවෙ හනා දිහා. හනා ඇස් පියාගෙන මොහොතක් හිටියෙ හිතට දැනුන දුක පාලනය කරගන්නයි. ලොකු හුස්මක් පිටකරපු ඇය කියාරා ලඟට ගිහින් ඇගේ ඔලුව අතගෑවෙ ආදරෙන්.....

" ඔයාලා දන්නවනේ...... ලීසගෙ විෂෙන් කියාරා ගේ ආත්මයේ බාගයක් විනාශ උනා. කියාරා ට පණ දෙන්න නම් එයාගෙ ආත්මය සම්පූර්ණ කරන්න ඕන. ඉතින් මං මගේ ආත්මෙන් කොටසක් දීලා කියාරා ගේ ආත්මය සම්පූර්ණ කලා.... දැන් කියාරා මගේ කොටසක්....... "

" ඒක තමයි එහෙනම් මට එහෙම දැනුනේ....... "

ටේහියුන් දුකින් කිව්වා......

" මොකක්ද ඔයාට දැනුනේ........ "

කියාරා ඇහුවේ පුදුමයෙන්.......

" මට ........ ඔයාව දැනෙන්නේ හනා වගේ........ "

කියාරාගෙ ඇස් වල කඳුළු පිරෙනවා මං දැක්කා.

" මට සමාවෙන්න කියාරා ....... මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ...... මට ඔයා මගෙම සහෝදරියක් වගෙයි....... ඒ නිසා මට ඔයාව නැතිකරගන්න බෑ....... "

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now