Chapter 3

336 69 6
                                    

" ජ... ජන්....ජන්කුක්... "

තරුණයා ගේ මුහුණේ ලස්සන සිනහවක් ඇඳුනේ හනා එයාගෙ නම කියන මිමුනුවාට පසුව...

" ඔයා හොඳින්ද....... "

" ඔ..ඔව්...... "

කිසිත් නොකියා එම තරුනයා යන්නට ගියේය. කිසිවක් තේරුම් ගත නොහැකිව මා දෙලොවක් අතර අතරමං වෙද්දී කියාරා පැමිණ මාව රෙස්ට් රූම් එකට එක්කගෙන ගියා.

" ලීසා කියන දේවල් එච්චර ගනන් ගන්න එපා හනා....... ඒකි කොහොමත් දුශ්ඨයිනේ.......*මෝඩ ගෑනි* "

කියාරා මගේ හිස අතගාමින් කීව්වෙය.

" නෑ කියාරා......... මං...... මං ....... හිතුවේ එයා ගැන නෙවෙයි..... "

" ඕ......... අර කොල්ලා ගැන නේද....... එයා ඔයාගෙ අතිනුත් ඇල්ලුවා නේ...... "

ඇය අවසන් වචන ටික කීවේ රහසින් වගෙම හිනා වෙවි...

" විහිලු කරන්න එපා බං........ "

" හා හා..... ලව් කරා ඇති.. වරෙන් යන්න වැඩ තියෙනවා......අද කස්ටමස්ලා ගොඩායි... "

කියාරා මගේ අතකින් ඇදගෙන නැගිට්ටා. සිදුවූ දේවල් මඳකට අමතක කර මම වැඩ කරා... වැඩ ඉවර වෙන්නෙ රෑ අටටය. කැෆේ එකෙ ඉදන් නිවසට තිබ්බේ පොඩි දුරක් නිස උදයේ උන දේ ගැන කල්පනා කරමින් ඇවිදගෙන ඉස්සරහාට ගියපු මට අතරමගදී අමුත්තෙකු මුනගැසුනි.

" හෙලෝ..... "

ඒ කටහඬ මට හොඳට පුරුදුය. ආපසු හැරුනු මා දුටුවේ ඒ තරුණයා ය.

" හායි..... "

මග දෙපස තිබූ වීදි ලාම්පු වලට වඩා එලියක් ඒ ඇස් වල තිබුනි. ඒ රතුපාට හීනි දෙතොල් වලින් සිනාසෙන විට ඔහු තවත් ලස්සනයි..

මගේ ඇස් දෙස බලා සිටි ඔහු සිනාසෙමින් ඉවත බලාගත්තේ හරියට මගේ හිතේ තිබූ හැඟීම් ඔහුට තේරුනාක් මෙනි....

" ඉතිං ........ මම ජන්කුක්........ ජියොන් ජන්කුක් ..... ඔයා හනා.... එහෙම නේද..... "


හෑහ්.... එයා මගේ නමත් දන්නවා..... ඒ කොහොමද... ආ..... සමහරවිට කැෆේ එකේදි අනිත් අය මගේ නම කියනවා එයාට ඇහෙන්න ඇති.. ඒකනෙ හනා කිව්වේ...

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now