Chapter 13

209 44 19
                                    

"කූකි ........ "

" ම්ම්ම්ම්............ "

" අර....... ඔයා කිව්ව එකේ තේරුම මොකක්ද "


" මොකක්........... "

" ඇයි අනේ අර කියාරා ටත් ලඟදීම ලේ බොන්නවෙයි කිව්වෙ.......... "


" ආ........ ඒකද..... ඒක මං මේ නිකං බයකරන්න කිව්වෙ.......... "


" ඒක මිසක්........... "

එතකොට තමා මගෙ ඇගට ලේ ටිකක් ඉනුවේ....

හරි හරි මන් වැම්පයර් කෙනෙක් කියලා දන්නවා..මන් ඒක නිකම් කිව්වෙ..


########################


සතියක් විතර ගෙවිලා ගියා පුරුදු විදියටම........ කිසිම ප්‍රශ්නයක් උනේ නෑ....... ලීසාත් එයාගෙ පාඩුවේ හිටියා...... අඩුම තරමේ මට පේන්නවත් එලියට ආවෙ නෑ........ ඉතින් එක දවසක් පුරුදු විදියටම මං උදේ වැඩට යන්න ලේස්ති උනා......


" හනා......... පුතේ ටිකක් එලියට එන්න... "


" ඇයි අම්මා.... මට පරක්කු වෙනවනේ........ "


" පොඩි වෙලාවයි දරුවෝ......... "



අම්මගේ ඉල්ලීම නිසා මං ඉක්මනට ඇඳුමත් දාගෙන එලියට ගියා. ඇවිල්ලා හිටියේ පල්ලියෙ පියතුමායි තවත් කළු ඇඳුම් ඇඳගත්ත හතරදෙනෙකුයි.......... පියතුමා ඇරෙන්න අනිත් හතරදෙනාම මගේ දිහා උවමනාවෙන් බලනවා මට දැනුනා........ ඒත් මං ඒක එච්චර ගනන් ගත්තෙ නෑ......


පියතුමා අපි හැමෝමත් එක්ක කතාකරා........ ඒත් අර මිනිස්සු සැරින් සැරේ මගේ දිහා බල බල මොනාද කුටු කුටු ගෑවා........ එකපාරටම මගේ අත පිච්චෙනවා දැනුනු නිසා මං ඉඳගෙන හිටපු තැනින් නැගිට්ටා...... ඒ ලීසා ........... එයා රිදී කුරුසියක් මගේ අතේ ගාවනවා. ඒකයි මට පිච්චෙනවා දැනුනේ............


" තමුසෙට මොකක්ද වෙලා තියෙන්නෙ ලීසා ............ "


වේදනාව නිසා මට ඉබේම කෑගැහුනා...
එතකොටම අර ඇවිත් හිටපූ හතරදෙනා ඇවිල්ලා මාව වටකරගත්තා. එයාලා මොනවද කියනගමන් මගේ ලඟට ටිකෙන් ටික ලං වෙනකොටම අම්මා එතනට පැන්නා.....


" මොනවද ඔයාලා මේ කරන්නෙ.......... ඔහෙලට පිස්සු හැදිලද......... "


" ඔයා ටිකක් මෙතනින් අයින් වෙලා ඉන්න නෝනා...... අපිට අපේ වැඩේ කරන්න දෙන්න....... "

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now