Chapter 9

283 59 25
                                    

මං ගෙදර යනකොට ගෙදර කට්ටිය ගොඩක් හිටියා. බයත් හිතුනා කාටහරි කරදරයක්ද කියලා. ඒත් ගෙදර වටේට ලයිට් දාලා... ගේ ඇතුලට යනකොටයි මට වැඩේ තේරුනේ...... අද ලීසාගෙ උපන්දිනේ...... ඉවරයි...........

ඇවිත් හිටපු හැමෝම ලීසාගෙ විකාර යාළුවෝ ...... මට නම් පේන්න බෑ...... එයාට වැඩිපුර හිටියෙ රස්තියාදුකාර යාලුවෝ... වැඩිපුරම කොල්ලො..... මං ආපු විදියටම එහෙමම කාමරයට ගියා.......

" හනා...... ඔයත් පාටියට ආවොත් හොඳයි නේද...... "

අම්මා කාමරයට ඇවිත් මගෙන් එහෙම ඇහුවා. මං විකාරවෙලා ඉන්න වෙලාවෙ අම්මා පාටියක් ගැන කතා කරනවා.

මං දන්නවා ඔය පාටිය එලිවෙනකම්ම ඉවරවෙන්නෙ නෑ. අද හඳ පායනකොට මං සම්පූර්ණයෙන්ම වැම්පයර් කෙනෙක් වෙනවා. ඒකට මං සම්පූර්ණයෙන්ම හඳ එලියට නිරාවරණය වෙන්න ඕන. ඒත් මේ මලවිකාරෙ හින්දා මට ඒක කරගන්න බැරිවෙයිද............

" අනේ මට බෑ අම්මා...... මට මහන්සියි..... "

මං එහෙම කිව්වෙ බේරෙන්න හිතාගෙන මිසක් මට කිසිම මහන්සියක් තිබුනෙ නෑ.

" අනේ පුතේ ඒක හරි නෑනෙ.... කේක් එක කපන වෙලාවටවත් එන්න. මොනා උනත් ඒ ඔයාගෙ නංගි.... "

" අනේ අම්මා.......... "

" නෑ හනා....... ඔයා එන්නම ඕන.... ලීසා දුශ්ඨ උනා කියලා ඔයත් ඒ වගේ වෙන්න හදන්න එපා....... "

ඒක අවසාන තීරණය. හ්ම්ම්ම්...... මොනා කරන්නද...... කේක් එක කපන වෙලාවට විතරක් මම එතනට යන්නවා. හැබැයි ලීසා නිසා නම් නෙවෙයි. මගේ අම්මා නිසා......

ටික ටික රෑ වුනා.... අර හෝන්තුවගෙ කේක් එක කපන වෙලාවත් ආවා. ජන්කුක් සැරින් සැරේ කෝල් කරනවා පරිස්සම් වෙන්න කියලා. මටත් දැනෙනවා මගේ මොකක් හරි වෙනසක්....... මොකද කේක් එක තියලා තිබුනෙ එලියෙ... පායලා තියෙන හඳේ එලිය ගස් අතරින් පෙරිලා මගේ ඇඟට වැටෙනකොට අමුතු හැඟීමක් දැනුනා. හරියට හඳ මට කතා කරනවා වගේ...

පුදුමාකාර ඉවසීමකින් මං හැමදේම බලාගෙන හිටියා. ඒ අතරින් ඉවසන්න අමාරුම උනු දේ තමයි අර ලීසා ගෙ ජරා රස්තියාදුකාරයෙක් සැමවෙලාවෙම මගේ දිහා බලන් ඉඳපු එක.

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Où les histoires vivent. Découvrez maintenant