Chapter 29

184 36 41
                                    

කියාරා පපුව අල්ලගෙන බිම වාඩිවෙද්දි ජන්කුක් මමයි කියාරා ලඟට ගියා. කියාරා ට එහෙම වෙන්නෙ මගේ තරහ නිසා කියලා මට තේරුනා.


" ඔයාගෙ තරහා පිටකරන එක පාලනය කරගන්න බබා...... ඇස් වලින් නෙවෙයි මනසින් දකින්න....... "

ජන්කුක් එහෙම කියද්දි මං ඇස් පියාගත්තා..... ඒත් මට හොඳට පේනවා. මං දැක්කා මගේ තරහ කළු දුමාරයක් විදියට මගේ ඇඟෙන් පිටවෙලා හතර වටේට විහිදෙනවා. මං හිමීට හිත එකඟ කරගෙන ඒ පැතිරෙන වෛරය එක දිශාවකට යොමු කරන්න උත්සහ කලා. ඒත් හදිසියේ දැනුනු දෙයක් මගේ මනසට බාදා කලා.......


" ආහ්.......... "


මගේ ඔලුවෙන් කියාගන්න බැරි වේදනාවක් දැනුන නිසා මං අත් දෙකෙන්ම ඔලුව අල්ලගෙන බිම වාඩිවුනා.


"හනා..... මොකද මේ....."


කියාරාව අතෑරපු ජන්කුක් මගේ ලඟට ආවෙ කෑ ගසමින්.....


"මගේ ඔලුව..... කවුරුහරි මගේ ඔලුව හිරකරනවා වගේ....."



ඒත් මොහොතකින් ඒ වේදනාව නැතිවෙලා ගියේ මාවත් පුදුම කරමින්.....


"ඒ මොකක්ද උනේ ජන්කුක්..... ඒක නිකම් කවුරුහරි මගේ ඔලුවට ඇතුල්වෙන්න හැදුව වගේ....."


"ඇත්තම කියනවනම් හනා ඒක තමයි උනේ..... ඒ හන්ගුක්..... ඌ හදන්නෙ ඔයාගෙ ඔලුවට ඇතුල්වෙන්න."


"හන්ගුක්..... එයා තාම ඉන්නවද....."



ඒ නම ඇහෙද්දි මගේ ඇඟ පිච්චෙනවා වගේ දැනුනා. ඒ මගේ හිතේ ඇති උනු වෛරයට. ඒත් මං දන්නෑ මං එයාට මෙච්චර වෛර කරන්නෙ ඇයි කියලා.


මෙච්චරවෙලා පැත්තක හිටපු කියාරා ආයෙමත් වේදනාවෙන් කෑ ගහද්දි මගේ අවදානය වෙනස් වුනා. ආයෙමත් මං උත්සාහ කලා මගේ වෛරය කියාරා ගේ පිටින් යනඑක වලක්වන්න. මට ඒක කරන්න පුළුවන් උනා. ඒ කළුපාට දුම කියාරා හිටපු පැත්තෙන් වෙන පැත්තකට යවන්න මට පුළුවන් උනා. ඒත් ඒක ගියේ ටේහියුන් හිටපු පැත්තට.


මගේ වෛරයට අහුවෙලා මරුවිකල්ලෙන් දඟලන ටේහියුන්ගෙ වෙන්කරගත් ඒ දුමාරය මං අහයට මුදා හැරියා. එයින් නිර්මාණය වූ විශාල අකුනක් මහ හඬක් නගමින් පුපුරාගියේ මුළු පලාතම දෙදරවමින්.....

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Unde poveștirile trăiesc. Descoperă acum