Chapter 16

187 42 17
                                    

           
බොඳවුනු ඇස් වලින් මං දැක්කා ලීසා මගේ ලඟට එනවා.....   ලීසගේ මූණෙ ජයග්‍රාහී හිනාවක් තිබුනා..... ඒ වගේම අතේ දිලිසෙන රිදී කිනිස්සක් තිබුනා........ මගේ ලඟටම ආපු ඇය අත් දෙකෙන්ම කිනිස්ස අල්ලලා උඩට ඉස්සුවේ මට අනින්නයි....... ඒත් පිටුපසින් ඇහුනු ගෙරවීමක් නිසා හැමෝම මොහොතකට නිශ්ශබ්ද උනා..... ලීසගේ මූණෙ තිබුනෙ බයක්........

                      
ටිකෙන් ටික අර ගොරවන සද්දෙ වැඩි උනා........ මට  ඒ සද්දෙ හොඳට පුරුදුයි...... ඔව්........ ඒ  වෙන කවුරුත් නෙවෙයි....... ඒ.......... ටේහියුන්ග්...........  කවුරුහරි හයියෙන් කෑගහනවා  ඇහුනා.... ඒ වගේම බඩු පෙරලෙන සද්ද,   ගොරවන සද්ද............   

                 
දැනෙන වේදනාව දරාගන්න බෑ..... මගේ මුළු ඇඟම දනවා......... හිතෙන විදියට මුළු ඇඟම පිච්චිලා....... මට කෙඳිරි ගාන්නව පණ තිබුනෙ නෑ....... කාමරේ ඇතුලෙ තිබුන සද්දෙ ටිකෙන් ටික අඩු වෙලා ගියා..... ටේහියුන්ග් කියාරාවත් උස්සලා ඇඳ උඩින් තියලා මගේ ලඟට ආවා........

           
" ඉ.නා...යා......... මැණික ........"

         
අනේ ඇයි මටම මෙහෙම වෙන්නෙ...... ඒ කටහඬ.......... ටේහියුන්ග් මාව තුරුළු කරගත්තේ අඬමින්....... මං මුකුත්ම කිව්වෙ නෑ........ එයාගෙ ඇඟේ ගෑවෙන තුවාල වලින් ආවෙ පුදුම වේදනාවක්...........  එයාටත් ඒක දැනෙන්න ඇති......

       
" අනේ මට සමාවෙන්න මැණික ........ මං නිසා ඔයාට තවත් රිදෙනවා.......... "

                    
එකපාරටම මට දැනුනා මගේ වේදනාව අඩු වෙනවා...... ඒ කියන්නෙ එයා ඇවිල්ලා..... මගේ ජන්කුක්........

                  
ජන්කුක්ට දැනුනා හනාට අනතුරක් කියලා...... ඔහු හිටියෙ ගොඩාක් දුර.....  අනතුර ඉව වැටුනු ගමන් ජන්කුක් පිටත්වෙලා ආවා.... වාහනේ කොච්චර වේගෙන් ආවත් ඔහුට හරි වෙලාවට එතනට එන්න බැරිඋනා. ජන්කුක් බලය පාවිච්චි කලානම් ඇසිපිය ගහන පමාවෙන් ඔහුට හනා ලඟ ඉන්න තිබුනා...... ඒත් මේ නාගරික පරිසරයේ ඔහුගේ බලය පාවිච්චි කිරීම අවදානම් වැඩක්......... ඒ නැතත් ටේහියුන්ග් ඉනායව බේරගන්න එන බව ජන්කුක් දැනගෙන හිටියා.....

                  
ජන්කුක් එනවිට ටේහියුන්ග් ඉනායාව ඔහුගේ උකුලේ තියාගෙනයි හිටියේ...... ජන්කුක් එකපාරටම එතනට එන්නෙ නැතුව ටිකක් වෙලා ඔව්වුන් දිහා බලාගෙන හිටියා........ ටේහියුන්ග් ට දැනුනෙ නෑ ජන්කුක් ආපු බව...... මොකද ඔහු වැම්පයර් කෙනෙක් විදියට ඉන්නෙ ජන්කුක් යටතේ........

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now