Chapter 32

168 31 36
                                    

" ඒ හන්ගුක්.. ඌ තරහෙන් වියරුවෙලයි ඉන්නෙ. " මගේ සිතුවිලි හඳුනාගත් ජන්කුක් කීවේය.

" මට හැමදේම දැනගන්න ඕන. "

ජන්කුක්ගේ සිතුවිලි වලට එබෙමින් මා කීවෙමි. ජන්කුක්ගේ සිත පුපුරාම සිටියේ මාය. ඒවා දුටු විට මා මුවඟ සිනහවක් ඇඳුනි. ඔහු වහා ඔහුගේ සිත එක්තැන් කරගත්තේ මට අවශ්‍ය තොරතුරු දැනගැනීමට පහසුවීම සඳහායි.

'හැම දෙයක්ම මුල සිට... ඔහු මා දුටු පළමු දවස, ඔහු දුටු පළමු දින මා සිතේ ඇතිවූ සිතුවිලි, ප්‍රථම හාදුව, විවාහය, මා පිළිසිඳගෙන ඇති බව දැනගත් දින ඔහු සතුටු වූ අයුරු... '

මා දෙනෙත් තදින් පියා ගත්තේ කඳුළු වැලැක්වීමටය. මින් පෙර මා දැනසිටි පරිදි වැම්පයර්ලාට කඳුළු එන්නේ නැත. ඔවුන්ගේ සිරුරු ඇත්තේ ගල්වීය. එහෙත් එය සත්‍ය නොවේ. අපට හදවතක් ඇත. එහි ක්‍රියාකාරිත්වය ඉතා මන්දගාමීය. තද දම් පැහැති රුධිරය සිරුර පුරා ගලයි. නමුත් ඒ ලෙය උණුසුම් නැත. අපගේ සිරුරුද උණුසුම් නැත. නමුදු රාජකීය රුධිරය ඇත්තන්ට එම සීතල වෙනස් කරගත හැක. දෑස්වල කඳුළු ඇත. ඒවා අධික විශය.

මා තව තවත් ඔහුගේ සිතිවිලි වල ගිලී ගියෙමි. ' මගේ පළමු දිවියේ මරණය... ජන්කුක් කෙතරම් හඬාවැටී ඇත්ද... දෙවනුව ඉනායා ලෙස ඔහුට මා හමුවූ අයුරු... එම ජීවිතයේ ඔහුට පෙම් කරනු වෙනුවට මා ටේහියුන්ට පෙම් බඳිනු දැක ඔහු කම්පාවූ අයුරු... ඒ දිවියේ සොඳුරු මතක, ඉනායා ලෙස මගේ මරණය, නැවත ඉපදීම.... '

ඉන්පසු තිබුනේ අඳුරු සිතුවිලියි. ඒවාගෙන් බොහෝ සිතුවිලි ජන්කුක් ජේක් හා අනෙකුත් ආරක්ෂක වැම්පයර්ලාගෙන් දැනගත් තොරතුරුයි.

'තමාට නොදී තම සහෝදරයාට කිරුළ ලබාදීම නිසා ඔහු වෙනුවෙන් ඇති වෛරය, ඔහුගෙන් පසු කිරුළ හිමි ඔහුගේ පුතා කෙරෙහි දැක්වීම. රජකමට ඇති කෑදර බව නිසා ඔවුන් මැරීමට උත්සාහ කිරීම. එය කල නොහැකි බව දැනගත් පසු ඔහුට ඉතිරි වූ අන්තිම තුරුම්පුව, එනම් මා මරා දැමීමට සැලසුම් කිරීම... මා මියගිය පසු ජන්කුම් මාළිගාවෙන් පිටව ගිය විට නැවතත් පියරජතුමාට බලපෑම් කිරීම... තම පුතා තමන්ට වූ පොරොන්දුව ඉෂ්ට කරනතුරු බලා සිටින පියරජතුමා... හදිසියේ සිදුවූ එතුමාගේ මරණය...

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now