Chapter 15

191 41 10
                                    


" හරි ජන්කුක්........ මං ඒක බලාගන්නම්...... ඔයා ඒ ගැන හිතන්න එපා.... හනා කොහොමත් ආදරේ ඔයාට....... "


ජන්කුක් ට එහෙම කිව්වත් කියාරා ගේ හිතේ පොඩි බයක් ඇති උනා....... ඒ වගේම සතුටකුත් තිබුනා.......


දුක හිතුනේ නම් දැන් ජන්කුක් කියපු දේට....... මොකද ටේමින් කියන්නෙ ටේහියුන්ග් නම් අනිවාරෙන් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා...... එහෙම උනොත් ජන්කුක් එයාව ලේසියෙන් අතාරින එකක් නෑ........


සතුටු හිතුනේ නම් වැම්පයර් කෙනෙක් වීම ගැනයි. ඇයත් හනා තරමටම සුදුවෙලා ලස්සනවෙලා තිබුනා...... ඒ වගේම ඇගේ හීන කුමාරයා වුනු ටෙමින්..... එයත් දැන් වැම්පයර් කෙනෙක් .......


අනතුරින් කොෆි ශොප් එකට ටිකක් අලාභහානි වෙලා තිබුනා. ඒක අලුත්වැඩියා කරන්න ඕන නිසා වැඩකරන අයට දවස් කීපයක නිවාඩුවක් ලැබුනා....


" තැන්ක් යූ කියාරා ........ ඔයා ආවෙ නැත්නම් මං තනියම........... ගෙදර කවුරුත් නෑ අද...... "


" ඇයි ............ කෝ අර දුශ්ඨි.......... "


" උදෙන්ම ගියා කොහේහරි.......... මට ඒ ගමන එච්චර ඇල්ලුවේ නම් නෑ...... ඒකයි මං උඹට එන්න කිව්වෙ....... "


" ඒ කිව්වෙ.......... මොකක්ද අවුල...... "

" ඒකි අද උදේ හොඳට හිටියා...... මං අම්මට කිව්වා අද නිවාඩු කියලා..... ඒක ඇහුනා විතරයි කන කෑම එකත් එහෙම්මම දාලා කොහේද ගියා...... අර එදා ෆාදර් එක්ක කවුද මිනිස්සු වගයක් ආවනේ....... ඒ එක්කගෙන ආවෙත් මේකි තමයි....... අද මොකුන් එක්කගෙන එයිද දන්නෙ නෑ......... "


" අනේ මන්දා........... මොකට ඒකි ආයෙ ඉපදුනාද කියලා......... හොඳ වෙලාවට මතකය විතරක් තියෙන්නෙ...... නැත්තම් මොනවා වෙයිද මන්දා....... "


" හ්ම්ම්....... මේ අපි යමුද කොහේහරි ඇවිදින්න...... "


මං කිව්ව කතාවට කියාරා බක බක ගාලා හිනාවුනා......


" ඇයි උඹ හිනාවෙන්නෙ........ "

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now