Chapter 7

268 51 19
                                    


පහුවදා උදේ වැඩට ගියාම ශොප් එකේ හිටපු හැමෝම මං දිහා බැලුවෙ අමුතු විදියට. හරියට පිටසක්වලයෙක් දිහා බලනවා වගේ. කියාරාත් මගේ දිහා බැලුවෙ ඒ විදියට. මට එකපාරට මතක් උනේ ඊයේ මන් ජන්කුක්ට කිස් එකක් දීපු වෙලාවෙ එයාගෙ දත් වලට මගේ දෙතොල් තුවාල උන හැටි. ඒත් මං උදේ මේකප් එකෙන් ඒ තුවාල කැළැල් හොඳට වැහුවනේ....

" ඇ..... ඇයි........ "

මං ෆෝන් එකෙන් මගේ දිහා බලන ගමන් එයාලගෙන් ඇහුවේ මොකද වෙලා තියෙන්නෙ කියලා දැනගන්න

" ඔයා සුදු වෙලා......."

කියාරා කිව්වා.

" ඒ විතරක් නෙවෙයි ලස්සනත් වෙලා........ "

ටේමින් කිව්වෙ ඇහිපිය ගහන්නෙවත් නැතුව මගේ දිහා බලන් ඉන්න ගමන්.

" මොකක්......... තොපිට පිස්සුද..... මං මේ ඊයෙ හිටපු විදියටමයි ඉන්නෙ......... "

මං ටිකක් සද්දෙන් කිව්වා. ඒ සද්දෙට එයාලා ගැස්සිලා ගියේ හරියට මට වශී වෙලා හිටියා වගෙයි. ඒත් වැඩකරද්දි මං දැක්කා සමහර වෙලාවට එයාලා කරන වැඩෙත් නවත්තලා මං දිහා බලන් ඉන්නවා. ශොප් එකට ආපු අයත් එහෙමයි. මොන විකාරයක්ද.......

" ඔයා හොඳ වෙලාවට ඊයෙ රෑ අපේ ගෙදර ආවෙ....... තැන්කූ .........."

" ඔව් ඉතින්....... හොඳ වෙලාවට ජන්කුක්ට මාව මීට් උනේ. එයා තමයි මට කිව්වේ ඔයාගෙ ගෙදරට ගිහිල්ලා පොඩි ඩ්‍රාමා එකක් කරලා එයාගෙ ආදරිය බේරගන්න කියලා........ "

" ඇත්තමයි....... මං දන්නෑ ලිසාට මොකද වෙලා තියෙන්නෙ කියලා...... එයා ඊයෙ රෑ මාව මරන්න හැදුවා........ "

" මොකාක්............. "

කියාරා කෑගහපු සද්දෙට හැමෝම හැරිලා අපි දිහා බැලුවා.

" හ්ම්ම්....... එයා ඊයෙ රෑ රිදී පිහියකින් මට අනින්න හැදුවා. වෙලාවට මට නින්ද ගිහින් තිබුනෙ නෑ. හැබැයි එහෙම උනානම් අද මං ඉවරයි........ "

" අනිවාරෙන් ඒකි ගිය ආත්මෙ උඹේ හතුරියක්......... යකෝ නැත්නම් මොන නංගිටද පුළුවන් තමන්ගෙ අක්කව මරන්න."

කියාරා ඒ ටික කියද්දි මගේ ඇඟ හිරිවැටිලා ගියා.... මට හිටියෙ එක හතුරෙක් විතරයි......... ඒ කියන්නෙ .......... දෙවියනේ.....

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now