Chapter 23

177 37 35
                                    

මං ටේහියුන්ග් එක්ක කතා කරද්දි ජන්කුක් පැත්තකට වෙලා ඉවසීමෙන් බලාගෙන හිටියා..... ඒ අතරෙ සතෙක් හොයන්න ගිය කියාරා සතෙක්ව අරගෙන ආවා.....



" කියාරා............. මේ............ "

" ඇයි අනේ.......... මූ විතරයි හොයාගන්න පුලුවන් උනේ......... මං නම් කියන්නෙ ලීසට මේ සතත් හොඳ වැඩියි......... "

ජන්කුක් මායි කට ඇරන් බලා හිටියෙ කියාරා ගෙනාපු සතා දිහයි.

කටට ආපු හිනාව අමාරුවෙන් තද කරගෙන ජන්කුක් ගිහින් ඒ සතාව අතට ගත්තා.


" එහාපැත්තෙ කුණු කාණුවේ තව ඉන්නවා. මූ තමයි ටිකක් ලොකුවට හිටියෙ. ඔය නැට්ට කැඩුනේ මට පෑගිලා. තව බඩේ පොඩි තුවාලයක් තියෙනවා....... ඒක එච්චර ගනන් ගන්න ඕන නෑ....... "


" හිහ්...... හිහ්....... හිහි.......... ඔයා නම් මාරයි කියාරා....... මං දන්නෑනෙ ඔයා ලීසත් එක්ක මෙච්චර තරහයි කියලා....... හනා මේ.....












මීයෙක්....... හහ්...... හා.......... "

කියාර ගෙනත් තිබුනෙ හොම්බ දිග තඩි කුණු මීයෙකි......... එක මොහොතකට මම ඔක්කොම ප්‍රශ්න අමතක කරලා හිනාවුනා.

*************************


ටේහියුන්ග් ඇඟට ආයෙත් ලීසා ආවා.... මේ පාර ලීසා හිටියෙ ගොඩාක් බය වෙලා. මොකද දැන් ලීසා දන්නවා අපෙන් ලීසට ගැලවුමක් නෑ කියලා. ඒ වගේම දැන් ටේහියුන්ග් ජීවිතෙත් තියෙන්නෙ අනතුරේ..... ලීසා හදන්නෙ ටේහියුන්ග්ව මරන්න. මොකද ලීසා කැමති උනේ නෑ ටේහියුන්ග් වෙන කෙනෙක්ගෙ වෙනවට.



" ම්..... මොනාද උඹලා කරන්න හදන්නෙ............. උඹලා මාව මරන්නද හදන්නෙ......... හහ්........ ම්.....මේ......මේක හොඳට අහ....... අහගන්නවා........ උඹලා මට මොනාහරි කරන්න හැදුව්වොත්..... මං ...... මං ටේහියුන්ග් මරනවා............ "

ලීසාගෙ හිතේ ලොකු බයක් තියෙනවා...... ඒකෙන් එයාගෙ ආත්මයත් දුර්වල වෙනවා........ විනාඩියෙන් විනාඩියට ලීසව පරදගෙන ටේහියුන්ගෙ ආත්මේ නැගිටිනවා මට දැනුනා. ඒත් ලීසගෙ හිතේ තියෙන වෛරය නිසා ලීසා ටේහියුන්ග්ට වඩා අඩියක් ඉස්සරහිනුයි හිටියෙ.

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now