Chapter 4

313 67 13
                                    


ඒත් එයාගෙ ඇස් දකිනකොට මට හිතෙන්නෙ මං ඒ ඇස් වලට වශී වෙනවා කියලා....ඇත්තමයි... ඒ සුදු මූණ දිහා ඕන තරම් වෙලාවක් බලා හිටියහැකි..... මං එයාගේ ලස්සන මූණ දිහා බැලුවා. අනේ......... ඒ මූණ ..............


හා... හා... සංවරකම....... මගේ මොලය එහෙම කෑගැහුව නිසා මං ආයෙත් ඉස්සරහ බලාගත්තා.. නොදකින් මොලේ....... වැඩේ කෑවනෙ ... මගේ හිත මගෙ මොලේට හොඳවයින් කිය කිය බැන්නා..........

හොඳට හිටපු ජන්කුක් එකවරම බකස් ගාලා හිනාවුනා......... දන්නෑ මොකට හිනාවෙනවද කියලා.. හපොයි දෙයියනේ...... දැන් මගේ හිතට හිතෙන දේවල් මෙයාට තේරෙනව නම් එහෙම........ විනාසයි......


පිස්සු කෙල්ල............ ඉදිරිපස තිබූ කණ්නාඩියෙන් හනාගෙ ඇස් දෙස බලා සිටි ජන්කුක් තනියම හිනාවුනා.

" හෙට නිවාඩු නේද....... "

" ම්ම්ම්ම්....... ඔව්..නේ......... මටත් අමතක උනා.... "

ඇත්තටම හෙට නිවාඩු කියල මතක් උනේ එයා කිව්වට පස්සෙ........

" ඉතින්..... මොකද කරන්නෙ......... යාලුවොත් එක්කා ඇවිදින්න යනවද...... "

" ම්ම්ම්ම්ම්ම්............... වෙනදා නම් එහෙම තමයි........ හෙටත් එහෙමම තමයි...... වෙනසක් නෑ ඉතින් ....... "

" එහෙනම් මම කියන්නද...... වෙනසකටත් එක්ක හෙට මාත් එක්ක පොඩි රවුමක් යං...."

" ඈහ්....."

ඒ කතාවට මං උඩ ගිහින් බිම වැටුනා. මගේ අදහස් තේරුම් ගත්තා වගේ එයා හයියෙන් හිනාවුනා..

" මං කිව්වෙ පොඩ්ඩක් ඇවිදින්න යමු කියලා.... වෙන දෙයක් ගැන නෙවෙයි.... "

ජන්කුක් කිව්වෙ කොෆී ශොප් එක ගාව වාහනය නතර කරන ගමන්.... මට ලැජ්ජ හිතුනා ඒක කියපු විදියට.

" හරි ඉතින්.... මං එහෙම කිව්වෙ නෑනේ...... "

මං කිව්වේ පොඩි තරහක් මවාගෙන.... ඒත් එක්කම මට දෙයක් මතක් උනා...

..... හිත් කියවන්න පුලුවන් එකෙක්ට බොරු තරහක් පෙන්නලා වැඩක් තියේයැ........

මට ලොකු දුකක් දැනුනා... මං දන්නෑ ඇයි කියලා. මොනවද මට මේ පේන, ඇහෙන විකාර... ජන්කුක් ට පොඩි හිනාවක් දාලා මම ශොප් එක ඇතුලට ආවා..

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now