"මං එයාව උඩ බැල්කනියට අරන් යන්නම්..."
ටේහියුන් යනකම් බලන් ඉඳලා මං හැරුනෙ ජන්කුක් දිහාවට.
"මේ මොනාද වෙන්නෙ ජන්කුක්... ඔයාලා මගෙන් මොනාහරි හංගනවා..."
"හ්ම්ම්... ඔව්. අපි හෙට මාළිගාවට යනවා. ඒ ගියාම ඔයාට හැමදෙයක්ම දැනගන්න පුළුවන්..."
කර වටේට අතක් දාගෙන මගේ නළලට හාදුවක් දුන්න ජන්කුක් ආරක්ෂකයො දිහා බැලුවා. තප්පර දෙකතුනක් ජන්කුක් දිහා බලන් හිටපු ආරක්ෂකයො ජන්කුක්ටයි මටයි ආචාර කරලා එතනින් ගියා.
ඇත්තටම මෙතන මට නොතේරෙන මොනවා හරි තියෙනවා. ඒක මොකක් වෙන්නැද්ද....
අපි බැල්කනියට එද්දි කියාරාට සිහි ඇවිල්ලයි තිබිනෙ. හඳ එළිය නිසා ඇය ඉක්මනින් සුවවෙලා. මාව දැක්ක ගමන් දුවලා ආපු කියාරා මාව තදින් බදාගත්තා.
"කියාරා... මොකද මේ... මොකක්ද උනේ..."
"ඕ හනා... ඔයා හොඳින්... ඒ මිනිස්සු ඔයාට කරදරයක් කලේ නෑනේ..."
"ඇහ්... මට... ඔයා මොනාද මේ කියන්නෙ කියාරා"
මං එහෙම කියද්දි කියාරා මගේ දිහා බැලුවෙ පුදුමයෙන්... මං හිටියෙ ඊටත් වඩා පුදුමයෙන්... මට හිතාගන්න බෑ කියාරා මේ මොනවද කියන්නේ කියලා...
"හනා... රෑ නිදාගෙන ඉද්දි මට සද්දයක් ඇහුනා. මං දැක්කා කවුද මිනිස්සු වගයක් ඔයාව අරගෙන යනවා. උන් ඔයාව මරන්නයි හැදුවෙ... මං හැදුවෙ ඔයාව බේරගන්න. ඒත් එකපාරටම මගේ ඔලුව රිදෙන්න ගත්තා. හරියට ... හරියට කවුරුහරි මගේ ඔලුව ඇතුලට රිංගන්න හදනවා වගේ. ඒත් එක්කම මට සිහි නැතිවුනා."
"ඒත් කියාරා මං හිටියේ ජන්කුක් එක්කනේ... ඒ කියන්නෙ කවුරුහරි ඔයාව රවට්ටලා තියෙනවා. කවුරු උනත් ඒ කෙනා උත්සහ කලේ ඔයාගෙ ඔලුවට ඇතුල්වෙන්න. ඒ තරම් බලයක් තියෙන්නෙ රාජකීය පිසාචයින්ට විතරයිනෙ..."
මං මොකුත් හිතාගන්න බැරුව ඉද්දි ජන්කුක් මගේ ලඟට ආවා.
"බබා අපි යමු නිදාගන්න. ඔයා දැන් මේ ගැන හිතන්න එපා. අපි උදේම ඔයාලගෙ ගෙදර ගිහින් ඊලඟට මාලිගාවට යමු."
YOU ARE READING
🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)
Fantasyමට පේන්නේ ඔයාව. නිකන් නෙවෙයි ඔයාට ලොකු කළු පියාපත් දෙකක් තිබුනා. තව දිග දත් දෙකකුත් තිබුනා හරියට වැම්පයර් කෙනෙක් වගේ... ආ ඔලුවෙ ඔටුන්නක් තිබුනා ලස්සන නිල් දියමන්තියක් තියෙන...... ... ඒ විතරක් නෙවෙයි තව ඔයත් එක්ක ලස්සන කෙල්ලෙකුත් ඉන්නවා පේනවා. එය...