Chapter 27

188 41 33
                                    

" ටේහියුන්...... මට උඹට දෙයක් කියන්න තියෙනවා...... ඒත් මෙතන බෑ..... අපි ටිකක් එලියට යමු....... "

ජන්කුක් ගෙ මූනේ තිබුනු අමුත්තත් එක්ක ඒ කියන්න හදන දේ නම් එච්චර හොඳ එකක් නෙවෙයි කියලා ටේහියුන්ට හිතුනා.......

" ටේහියුන්..... අපිට ප්‍රශ්නයක් තියෙනවා. හනා මාළිගාවෙදි ගොඩක් බලවත්.... ඒ වගේම එයාට තරහ ගියාම ඒ තරහ බලපාන්නෙ එයාගෙ වටේට ඉන්න අයට. හනාට ඒක පාලනය කරගන්න වෙනවා.
දැනට මගේ තාත්තා එයාගෙ බලයෙන් හනාගේ බලය ටිකක් අඩපණ කරලයි තියෙන්නෙ. ඒත් මෙතන තියෙන ලොකුම ප්‍රශ්නෙ ඒක නෙවෙයි....... "

" එහෙනම්...... මොකක්ද....... "

" මගේ තාත්තගෙන් පස්සෙ රජකම ලැබෙන්න ඕන මට..... ඒත් ඒකට මං විවාහ වෙලා ඉන්න ඕන.... මං රජකම බාරගන්න තිබුනෙ අවුරුදු ගානකටා කලින්.... ඒත් ඒක වෙන්න කලින් මගේ හනා මැරුනා. ඒ නිසා මං මාළිගෙන් ආවා. ඒ ආවෙ ආයෙමත් මගේ හනාව එක්කන් එනවා කියලා මගේ තාත්තට පොරොන්දු වෙලයි. ඒත් හනා ඊලඟට ඉපදුනේ මං ගැන පොඩ්ඩක්වත් මතකයක් නැතුව....

ඉතින් මට මගේ පොරොන්දුව ඉශ්ඨ කරන්න බැරි උනා. ඒත් තාත්තා මං ගැන තියෙන විශ්වාසය ආදරය නිසා මං වෙනුවෙන් බලන් හිටියා.... දැන් මං මාළිගාවට ආවත් මට රජකම ගන්න බෑ මං මේ ආත්මේ හනා එක්ක විවාහ වෙලා නැති නිසා.... ඒ හින්දා පුළුවන් ඉක්මනට මං හනා එක්ක විවාහ වෙන්න ඕන....... "

ජන්කුක් එසේ කියනවාට්ත් එක්කම ටේහියුන් ගොරවගෙන ජන්කුක්ගෙ ඉස්සරහට පැන්නා..... තරහින් රතුපාට උන ඇස් වලින් ටේහියුන් ජන්කුක් දිහා බලා ඉද්දි ජන්කුක්ට ටේහියුන්ගෙ හිතේ තියෙන දේ තේරුනා.

" එතකොට උඹ මේ හැමදෙයක්ම කලේ රජකම ගන්නද.... ආ.... මං........ මං හිතුවෙ නෑ උඹ මේ තරම් පහත් මිනිහෙක් කියලා ජන්කුක්..... උඹ ඒ අහිංසකීව පාවිච්චි කලේ උඹේ වාසියට...... උඹට ඕන උනේ හනාගෙ මාර්ගෙන් රජකම ගන්න...... උඹ නම් මහ තිරිසනෙක් ජන්කුක්........ "

ටේහියුන් වියරුවෙන් කියවද්දී ජන්කුක් ඉවසීමෙන් අහගෙන හිටියා. ටේහියුන් හිතේ හැටියට ජන්කුක්ට බැන්නා. වෙලාවට ඔවුන් හිටපු කාමරෙන් පිටතට ශබ්ද්දය ඇහෙන්නෙ නෑ. නැත්තම් අනාගත රජතුමාට අපහාස කිරීමේ වරදට එවෙලෙම ටේහියුන්ගෙ හිස ගසා දානවා නොඅනුමානයි.

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now