Chapter 12

215 46 10
                                    


ඊලඟ දවසෙ උදෙන්ම මං ආයෙත් කොෆී ශොප් එකට ආවා. මං ගොඩක් සුදුවෙලා තියෙන එක නම් හැමෝටම ප්‍රශ්නයක් උනත් පස්සේ ඒක හරිගියා......... කියාරා හැමවෙලාවෙම මගේ පස්සෙන්ම හිටියා. හරියට අම්මා කෙනෙක් වගේ........ ඒ වගේම ටේමින්............ ඌට නම් පිස්සු.........

" ඇත්තටම ටේමින් ........... මොකක්ද බං උඹට වෙලා තියෙන්නෙ......... මං බලාගෙන.... උඹ උදේ ඉඳලම හනාගෙ පස්සේ කැරකෙනවා......... මොකෝ......... හනා ගැන මොකුත්.................... "

" අනේ නෑ බං............ මං මේ නිකං .......... "

ඇලිස් ටේමින් ගෙන් අහනවා කියාරාට ඇහුනා. කියාරා බැලුවේ හනා කොහේද ඉන්නේ කියලයි.

හොඳ වෙලාවට හනා මෙතන නෑ.... මුන් දෙන්නගේ කතාව ඒකිට ඇහුනනම් එහෙම මොනා වෙයිද දන්නෑ.........

එහෙම හිතමින් කියාරා ටේමින් වත් ඇදගෙන මුල්ලකට ගියේ හනාට නොපෙනෙන්නයි.

" ටේමින් ............. දැන්වත් මේක නවත්තපන් බං......... උඹ දන්නවනෙ ඒකි කැමති ජන්කුක්ට කියලා........... " කියරා වට පිට බලමින් කිව්වෙ හනා කොහෙන් කඩාපාත් වෙයිද කියලා දන්නෙ නැති නිසා...

" මං දන්නෑ බං........... මට .......... අයියෝ.......... උඹ දන්නවා මං හනාට කැමති පොඩිකාලෙ ඉඳලමයි........... ඒත්... ඒත් මං එයාට ඒක කිව්වෙ නැත්තෙ එයා මට නැතිවෙයි කියලා බයට....... "

ටේමින් අත්ගස ගස කිව්වෙ ඇත්තටම ටේමින් පොඩි කාලෙ ඉදන් හනාට කැමති නිසා...

" අනේ........ ටේමින් .......... මං දන්නෑ......... මේක කොහොම උඹට තේරුම් කරන්නද කියලා......... හනා ආදරේ කරන්නෙ ජන්කුක්ට........... උඹ දැන් හනා ගැන හිතන එක නවත්තපන් ............ "

" උඹ නම් මාර යාලුවෙක් කියාරා .......... මතකද....... මං හනාට කැමතියි කියලා මුලින්ම කිව්වෙ උඹට............. ඒ අට වසරෙදි.......... උඹමයි කිව්වෙ අපි දෙන්නා හොඳට ගැලපෙනවා කියලා......... දැන් ඇයි බං මෙහෙම............... "

ටේමින් එහෙම කියද්දී කියාරා ගොඩක් අසරණ උනා.......... ඇත්තටම ටේමින් හනාට ආදරේ කරේ ඉස්කෝලෙ යන කාලෙ ඉඳලමයි....... ඒ හැමදෙයක්ම කියාරා දන්නවා.........

කියාරා නම් මුලින් ඒකට කැමති උනේ නෑ........ මොකද කියාරා ආදරේ කලේ ටේමින් ට. ඒත් කවදාවත් කියාරා ඒක ටේමින්ට පෙන්නුවේ නෑ. අඩුම තරමේ හොඳම යාළුවා වුනු හනාටවත් කිව්වෙ නෑ. මොකද ටේමින් හනාට ආදරේ කරපු විදියට කියාරා හිතුවෙ ඒ දෙන්නා ආදරේ කරයි කියලා.........

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Where stories live. Discover now