Chapter 8

252 55 25
                                    


එදා දවසම මා සිටියේ කාමරයට වීය. හවස් වෙනකොට උණ වැඩිවී මුළු ඇඟම රිදෙන්න ගත්තා...

අම්මා මාව වෛද්‍යවරයකු ලඟට ගෙනයාමට උත්සහ කලද බොරු හැටපහක් පමණ කියා මම ඒ ගමන නවැත්තුවේ ඩොක්ට හැමවෙලෙම කියන්නෙ එකම දේ නිසා...

රාත්‍රියේ හිටිහැටියේම මගේ වේදනාව අතුරුදන් උනා... ඒත් සමඟම කවුරුන් හෝ මගේ ලඟ සිටිනවා වගේ දැනුනා.

මට එකපාරටම මතක්වූයේ ලීසා. තිගැස්සුනු මා නැගී සිටියේ කෑගසමිනි. එහෙත් කටින් ශබ්දය පිටවූයේ නැත්තේ ඔහු වහා මගේ කට වැසූ නිසාය.

" කෑගහන්න එපා මැට්ටියේ.......... "

" ඔයා මාව බය කලා........ "


මං පැනපු ගමන් ජන්කුක් ව බදාගත්තා.
දැනුයි තේරෙන්නෙ මගේ ඇඟේ තිබුන වේදනාව එකපාරට නැතිවුනේ කොහොමද කියලා. ජන්කුක් ට පුළුවන් මගේ වේදනාව නැති කරන්න. එයා මාත් එක්ක කතා කලේ නෑ. මොකද එහෙම උනොත් කාට හරි ඇහෙයි කියලා . දන්නෙම නැතුව මට නින්ද ගිහින්....


පහුවදා උදේම මං නැගිට්ටා. ජන්කුක් කොයිවෙලාවෙ ගියාද දන්නෙ නෑ. දැන් නම් ඇඟේ අමාරුව ටිකක් අඩුයි.

ඒ නිසා අද වැඩට යන්න හිතුනා. බාත්රූම් එකට ගියපු මං ටිකක් වෙලා අරගෙන හොඳට නෑවා. ඊට පස්සෙ මගේ පොඩි ටවල් එක ඇඟවටේ ඔතාගෙන බාත්රූම් එකෙන් එලියට ඇවිත් ඇල්මාරියෙන් අද ඇඳන් යන්න ඇඳුමක් තේරුවා.


" ඔයා අද වැඩට යනවද හනා............ "

ඒ සද්දෙට මං උඩගියා. අම්මා මගේ කෝපි එකත් අරන් කාමරේට ඇවිත්....... මට ඇහුනෙවත් නෑ..


" අහ්....... ඔව් අම්මා..... මට දැන් හොඳයි.... ඒ නිසා අද යනවා... "


" හා එහෙනම්....... පරිස්සමෙන්........ "


එහෙම කියපු අම්මා යන්න හැරිලා ආයෙත් මගේ දිහා බැලුවේ පුදුමයෙන්.


" හනා......... ඔයාට කොහෙන්ද ඔය මාලෙ........ "


ඉවරයි....... මං මෙච්චරකල් හංගගෙන හිටපු එක අද අතටම අහු උනා. දැන් මොකද කරන්නෙ.........


" ආ........ මේ........ ආ.... මේක කියාරා මට දුන්නෙ........ "


කටට ආව බොරුව කියලා දැම්මා...

🤍 ENDLESS LOVE 🖤 ||JJK (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎𝚍)Onde histórias criam vida. Descubra agora