02 කොටස

386 49 28
                                    


"ශාලුක..."

"ආ හරි...චුට්ටක් ඉන්න මම පහළට එනවා..."
ෆෝන් එක කනටයි උරහිසටයි තද කරගෙන ශාලුකට උත්තර දීලා මම කිරි එක ෆ්ලෙකීගෙ පෙට් හවුස් එක ළඟින් තියලා ෆෝන් එකයි වොලට් එකයි අරගෙන ශූස් දෙක දාගෙන එළියට දිව්වා...

පැයක ඉඳලා රෙඩි වෙලත් එයා එද්දි මම ලේට්...

" හරිද? අර බලු තඩියට කෑම තියල ද ආවෙ?"
ශාලුක එයාගෙ ෆුල්ෆේස් හෙල්මට් එකේ වයිසර් එක උඩට කරලා අහද්දි මම ඔව් කියන්න ඔලුව වැනුවා ම එයා මගෙ අතින් ඇදලා අරගෙන එයා අරන් ආව පොඩි රතු පාට හෙල්මට් එක මට දාලා ක්ලිප් කළා...

ඒකෙ බෙල්ට් එක ඇඩ්ජස්ට් කරන්න දෙයක් නෑ...ශාලුකගෙ Ghost Princeගෙ රයිඩ් එකක් හදිස්සියෙන් හරි ලැබෙන එකම කෙනා මම විතරයි...ඉතින් ඒ හෙල්මට් එක දාන්නෙත් මම විතරයි...

"Hold tight Akshi..."
ශාලුක එයාගෙ ඉණ දෙපැත්තෙන් මගෙ අත් දෙක තද කර ගන්න ගමන් ඉස්සරහට නැමිලා බයික් එක ස්ටාට් කරද්දී මමත් ඉතින් තදට අල්ල ගත්තෙ ශාලුක කියන්නෙ කවදත් අඩුම තරමෙ ස්පීඩ්ලිමිට් එක වගේ දෙගුණයක් වත් වේගෙන් බයික් එක අරන් යන කොල්ලෙක් කියලා අත්දැකීමෙන් දන්න නිසා...

.

.

.

.

"අපි කොහෙද මේ යන්නෙ?"
මම හුළඟෙ සැර එක්ක කෑ ගහලා අහද්දි එයා ඔලුව හරවලා මං දිහා බැලුවත් මට එයා කිව්ව දේ නම් ඇහුනේ නැහැ... ශාලුක කිසිම වෙනසක් නැතුව දිගටම බයික් එක ඒ වේගෙන් ම අරගෙන යද්දි මමත් ප්‍රශ්න අහන එක නතර කරලා එයාගේ ඩෙනිම් ජැකට් එක තද කරලා අල්ලගෙන ඇස් පියාගෙන මූණට හුළං වදින්න දුන්නා....

මං ඉස්සර ඉඳලම හැඟීමට ආසයි... කාර් එකක යනවා වගේ නෙවෙයි, බයික් එකේ යද්දී මූණට හුළං වැදෙන හැඟීම හරි අමුතුයි... ඒකෙන් අමුතු නිදහසක් දැනෙනවා... හරියට හැම දේකින්ම මිදිලා පාවෙනවා වගේ...ඒ වෙලාවට ප්‍රශ්න අමතක වෙනවා...

"ටිකක් මෙතනින් ඉන්න..."
ශාලුක බයික් එකෙන් බැහැලා එයාගෙ හෙල්මට් එක ගලවලා මගෙ අතට දීලා අතින් කොණ්ඩෙ ගස ගසා පාර පැත්තට ගියා...එතන තිබුණෙ පොඩි කඩයක්...අපි හිටියෙ බීච් එක අයිනෙ... මූදු හුළඟට ඇස් ඇරන් ඉන්න අමාරු වුණත් මං වටේ බැලුවා...

හුස්මක් දුරින්...Where stories live. Discover now