09 කොටස

285 45 36
                                    

"ආආ සුදු මැණික~ ක්ලාස් ඉවරයි වගේ නෙහ්..."
ක්ලාස් සෙන්ටර් එකෙන් එළියට බහිද්දි ම දේවින්දයා පාර එහා පැත්තෙ ඉඳන් මෙහා පැත්තට ඇහෙන්න කෑ ගහද්දි මගෙ අත්දෙක මිට මෙළවුණත් එතන තව ළමයි ඉන්න නිසා මම මට නෙවෙයි ගානට එතනින් එන්න හැදුවෙ...ඒත්...

"ඔය අහක බලාගෙන යනවනේ විහස්.. සුදු මැණික අයියා එක්ක තරහ වෙලාද?"
දේවින්දයා කෑ ගහද්දි වටේ හිටිය ළමයිනුත් ඔලුව හරව හරව බැලුවා...

"මුගෙ ආච්චිට.."
මම තනියම එහෙම කියාගෙන ඌ ඉන්න පැත්තට හැරෙද්දි තේනුක මගෙ ශර්ට් එකෙන් ඇද්දා...අපි යුනිෆෝම් ඉන්නෙ...වලි දා ගන්නත් බෑ...

"උඹට මං එදත් කිව්වා පාඩුවෙ ඉඳපන් කියලා දේවින්ද..."
මම සාමාන්‍යයෙන් කතා කරන සොෆ්ට් ටෝන් එක වෙනුවට කේන්ති ගියාම මගෙ කටහඬ ගැඹුරු වෙනවා...

තේනුක හුස්ම අල්ලගෙන බලන් ඉන්නවා... බය වෙලාද මන්දා...මම කිව්ව එකට අරූ පාර පැනලා මං ඉන්න තැනට ආවා...

"ඔයාට කේන්ති ගියාම හුරතල් සුදු මැ-"

"ච්...මට කියලා මූණ සමතලා කර ගන්නෙ නැතිව සීමාවෙ ඉඳපන්!"
මම දේවින්දගෙ අත කම්මුලේ ගෑවෙන්න කලින් ගසලා දාලා කියද්ද ඌ විස්ල් එකක් ගහගෙන හිනාවෙවී උඩ බලාගත්තා...

"වදයක් නොවී පලයන් අයියේ...තමුසෙ හදන්නෙ විහින් ඇද හදන්න... ඉස්කෝල දෙක ගේමට ඇදලා හිකනල් වැඩ නොකර පාඩුවෙ ඉඳහන්...."

"ඇයි අර හාමු මහත්තයා මට ගහයි ද උගෙ රෝසමල වටේ කැරකුණා කියලා?"

"මම කාගෙවත් රෝසමල නෙවෙයි යකෝ!!"
දේවින්දගෙ කොලර් එකෙන් ඇදලා අරගෙන ඌට ගහන්න අත උස්සලත් ආයෙ ඉන්නෙ පාරෙ බව මතක් වෙලා මම ඌව පස්සට තල්ලු කළා...

"මම මේ උඹට හොඳින් කියන්නෙ දේවින්ද....මම දෙතුන් වතාව එකම දේ කියන්න කැමති නෑ...ඒ නිසා හොඳට අහගනින්...

මට තමුසෙ එක්ක ප්‍රශ්න නෑ... තරහකුත් නෑ...උඹ මගෙ යාළුවො එක්ක කා ගත්තා කියලා මං ඒවට අතපය දාලත් නෑ දාන්නෙත් නෑ...

ඒත්.. උඹ මට ප්‍රශ්න දාන්න ආවොත්...මම නිකන් ඉන්නෙත් නෑ..."
මං දේවින්දගෙ කොලර් එක හදලා උරහිසත් පිහින ගමන් උගෙ ඇස් දිහාම බලන් කියලා ලස්සනට හිනාවෙලා එන්න හැරෙද්දි ඌ කට කොනින් හිනාවුණා...

හුස්මක් දුරින්...Where stories live. Discover now