16 කොටස

326 57 62
                                    


"සුදු මැණිකේ~"
ස්කූල් ගේට් එකෙන් එළියට එද්දි ම ඇහුණ ටකරං කටහඬට මගෙ අත් මිට මෙළවුණත් මම මට නෙවෙයි ගානට එන්න ආවා...

තේනුක බයෝ  ඔලිම්පියාඩ් දාලා මැඩම්...ඒ නිසා ඌට ආෆ්ටර් ස්කූල්...මාවත් දාන්න ඇහුවා... බයෝ බැරි නම් කෙමිස්ට්‍රි හරි....මම බෑ කියලා එන්න ආවෙ ගිය පාරත් මම ඕකෙ ඕල් අයිලන්ඩ් ලෙවල් එකෙනුත් එහාට ගිය නිසා...මට මේ පාර ඒකට මයින්ඩ් එකක් නෑ කිව්වා ම ප්‍රින්සිපල් සර් නතර වෙලා කතා කරන්න ඕනද කියලත් ඇහුවා... මම අම්මගෙ මැරේජ් එකයි ඔය පැටලිලි ටිකක් කියලා ප'සනල් රීසන් එකකට එක්ස්කියුස් කරලා එන්න ආවා...

කවිනු රගර් ප්‍රැක්ටිස්...ටර්ම් ටෙස්ට් ඉවර වුණ නිසා ස්පෝට්ස් ක්ලබ් ආයෙත් වැඩ පටන් අරන්...මටත් හෙට බැඩ්මින්ටන් නතර වෙන්න වෙනවා...මට ක්ලබ් එකෙන් අයින් වෙන්න ඕන....ඒවුණාට අපේ කෝචා මෙම්බර්ශිප් කැන්සල් කරන්න දෙන්නෙ නෑ...ප්ලේ නොකළට කමක් නෑ හදිස්සියෙන් අදින්න තියෙන කාඩ් එකක් විදියට හරි ක්ලබ් එකේ ඉන්න කියනවා...ඒ නිසා හෙට නතර වෙන්න ම වෙනවා...හෙට අලුත් අය තෝරනව කිව්වා... ලබන අවුරුද්දේ ස්පෝට්ස් මීට්න් එකට දැන්ම ඉදලා ක්ලබ් වලින් රෙඩි වෙනවා...හවුසස් බෙදිලා වැඩ පටන් ගන්නෙ නිවාඩුවෙන් පස්සෙ... දැනට මෙයාලා ක්ලබ්වල ප'ෆෝමන්ස්  වැඩි කරනවා...

"ඇහුනෙ නෑ වගේ යන්න එපා සුදු මැණිකේ...මට එන්න වුණෙ නෑනෙ පහුගිය ටිකේ....පාළු හිතුණද සුදු මැණිකේ..."
දේවින්දයා මගෙ කර වටේ අත දාන්න හැදුවත් මම වැලමිට නවලා උගෙ බඩට ගැහුවා ම ඌ බඩට අත් දෙක තද කරගෙන කෙඳිරි ගාගෙන දෙකට නැවුණා...

"ඔව් ඉතින් අතපය එල්ලගෙන හොස්පිට්ල් ගානෙ ඉන්න වුණාම වටේ යන්න බැරි වෙනවා තමයි...ආයෙ සතියක් දෙකක් හොස්පිට්ල් ඉන්න ආස නැත්තන් පාඩුවෙ ඉඳහන්!"
මම ඌට එහෙම කියලා මගෙ පාඩුවෙ හෝල්ට් එකට ආවෙ අතකින් නළල මිරිකන ගමන්...

"අද රෑට විතරක් වරෙන් මං එක්ක..."

"දේවින්ද!"

"උඹ අරුන් සේරම ගේ අස්සෙ දාගන්නවා මම කතා කළාම උඹට එන්න බෑ?"

"කට වහපන්!!"

"ඇත්ත තිත්ත ද...මම උඹට පෙන්නන්නද? උන් උඹ ගැන කතා වෙන ඒව? මං ගාව ඇති යෙහෙ-"

හුස්මක් දුරින්...Where stories live. Discover now