31 කොටස

317 49 139
                                    

"උඹ විකාර කරන්නෑ කියලා ශුවර්ද?උඹට රිපෝට්ස් ටික එනකල් බලන්න තිබ්බා බං... වැරදිලා හරි..."

"රිපෝට්ස් නෙගටිව්..."
මම මේසෙ ලාච්චුව ඇරලා ඒක ඇතුළෙ තිබුණ සුදු පාට ලොකු ලියුම් කවරයක් කවියගෙ අතට දෙන ගමන් කියද්දි ඌ  හිනාවෙලා මගෙ පිටට ගැහුවා...

"ඇති යන්තන්..හොඳ වෙලාවට උඹ ආන්ටිට නොකිව්වෙ.. බය වෙනවනෙ එයා..."

"ම්ම්...CT එකත් නෝමල් අනිත් ඒවත් ප්‍රශ්න නෑ...cancer cells ගැන කිසි අවධානමක් නෑ කිව්වා...nose bleed එක නෝමල් වෙන්න පුළුවන් කිව්වා...

මගෙ කලින් නහයෙ බෝන් ක්‍රැක්ස් වෙලා තියේනෙ බං... ඒ නිසා ලොකුවට හිතන්න එපා කිව්වා...ටිකක් පරිස්සම් වෙන්න කිව්වා...ආයෙ ෆේන්ට් වුණොත් හරි වෙන ඇබ්නෝමලිටි එකක් ආවොත් හරි ඩොක්ටර්ව මීට් වෙන්න කිව්වා..."
මම විස්තරේ කියද්දි කවියා රිපෝට් ටික එහෙන් මෙහෙන් බැලුවා...අපි දෙන්නටම ලොකු දෙයක් තේරෙන්නෙ නෑ ඉතින් ඒකෙ නම්...

"උඹ තනියම ගිහින් අවුලක් වුණා නම් මොකද්ද කරන්නෙ..."

"මොනවා කරන්නද බං...මම කොහොමත් ඕක පොසිටිව් වුණත් ඉන්න ටික ආතල් එකේ ඉන්න හිතන් හිටියෙ..."

"ලොකු සර් දෙයි උඹට!"

"ඒ එයා දැන ගත්තොත්නෙ..."

"මහ හිතුවක්කාරයි බං තමුසෙ!දැන් මේකෙත් අවුලක් නැති එකේ අර කොල්ලට ආයෙ අඬන්න තියන්නෙපා!"

"හ්ම්...යෙහා කොහෙද? ඌ ඊයෙ ආවෙත් නෑ ට්‍රැක් එකට..."

"මෑන්ස් වැඩ...කෙල්ලව ඊයෙ කඩවල් තොගේක එක්කරගෙන ගිහින් තිබ්බා ඒකිගෙ රූම් එක හදන්න කියලා...අද මං හිතන්නෙ දෙන්නත් එක්ක උන්ගෙ තාත්තාව මීට් වෙන්න යන කතාවක් කිව්වා...ඒ කෙල්ල ඇයි බං යෙහාට ලෝයල්? අඩුම කැමති ද වත් නොකියා එහෙම ඉන්නවද මම අහන්නෙ... විකාරයිනෙ බං..."

"මම කෙල්ල එක්ක කතා කළා...ඒකි කියනවා නාකින්ට අහුවෙලා විනාස වෙන්න බැරි නිසා ලු යෙහා එක්ක ආවෙ...යෙහෙන්ගෙ ඇඟේ එල්ලෙන්න හිතන් ආවෙ නෑලු...ඒත් යෙහෙන් එච්චර දේවල් කරද්දි ඌට රිද්දන්න හිතෙන්නෙත් නෑලු...

මම කිව්වා යෙහෙන් හොඳ එකෙක් නෙවෙයි කියලා විස්තර ටිකක්... යෙහෙන්ට චරිත සහතික දෙන්න මමත් ඉතින් හොද එකෙක් නෙවෙයි... මම ඒත් කෙල්ල දැන ගන්න ඕන ටික කිව්වා...ඒත් ඒකි හින්දා කන්ට්‍රෝල් කියලත් කිව්වා...

හුස්මක් දුරින්...Where stories live. Discover now