17 කොටස

300 54 74
                                    


"ඔයා අද කාත් එක්ක ද රණ්ඩු වුණේ ශාලුක?"
මම අහද්දි මම හොඳටම දැක්කා සැන්විච් වල මික්ස් එකට තම්බපු බිත්තර ටික ග්‍රේට් කරන ගමන් හිටිය එයා ගැස්සිලා යනවා...

"පුදුම වෙන්න එපා...ඔයාගෙ කම්මුල ඉදිමිලා..."

"හ්ම්... It's podi ayya again...පොඩි රණ්ඩුවක් වුණා..."

"ඒක තමයි ඔය මහත්තයට මෙහෙ මතක් වෙලා තියෙන්නෙ..."
මම ගානක් නැතුව කියලා දාලා හදපු ඔම්ලට් දෙක ප්ලේට් එකකට දැම්මත් මම දැක්කා ශාලුක ටික වෙලාවක් මගෙ දිහා බලාගෙන ඉදලා තනියම හිනා වෙලා ආයෙත් කර කර හිටි වැඩේ පටන් ගන්නවා...

"ඔයා ඊට පස්සෙ අසනීප වුණෙ නෑ නේද?"
මම ශාලුක එක්ක ම ප්ලේට්ස් ටික සෝෆා ස්ටූල් එකට අරන් ඇවිත් තියලා එතනින් වාඩිවුණේ එයා ටීවී එක ඔන් කරලා ඇවිත් මට ඉස්සරහ පුටුවෙන් වාඩිවෙද්දි....

මැච් එකක්...අපි ප්ලේ කරනනේ නම් නෑ...වෙන කරන්න දෙයක් නැති කමට දාලා තිබ්බා වගේ ඒක තියෙන්න දීලා අපි දෙන්නා කන්න පටන් ගත්තා...

ශාලුකට එපා කිව්වට අහන්නෙ නෑ සයි උඩ පනිනවා බලන්න එයාට කෑම විසි කරනවා....මම එපැයි ඔක්කොම මොප් කරන්න ආපහු!!

අන්තිමේ කියලා වැඩක් නැති නිසා මම සද්ද නැතුව හිටියා...තඩියා කෑම උඩින් දැම්මා ම ඉස්සරහ කකුල් දෙකෙන් උඩ පැනලා ඒව අල්ලනවා...ඒ තත්පරේට ඒක ගිලලා දාලා ආයෙ වාඩිවෙලා දිවත් ඇදන් මූණ දිහා බලන් ඉන්නවා...මේ යකාගෙ බර වැඩියි කියලා රෑට කෑම දෙන්න එපා කියලා ඩොක්ට කියලා තියෙන්නේ... කොහෙද අහන එකක්ය කිව්වට!!

"ඔයා ඔහොම දඟලන්නකො තඩියෝ! හෙට ඩොක්ට අංකල්ට කියලා විද්දනවා ඉන්ජෙක්ෂන්ස් දෙකක් ම හරිද!!?"
මම සැර කරද්දි සයි හොරාට මගෙ දිහා බලන් ඉඳලා ආයෙත් මට පස්ස හරවගෙන ශාලුකට වලිගෙ වනන්න ගත්තාම ශාලුකට සද්දෙට හිනා ගියා...

"පෙනේද මේකා!! ඉන්නවකො...ඔය අයියා නෑ පුතේ තවුසෙව හෙට බේරගන්න!"
මම සයිලෝට රව රව කෑ ගහද්දි ශාලුක හිනාවෙවී එයාට කෑම දුන්නා...

අපරාදෙ කෑම හැදුවෙ හුහ්!! බල්ලවම බලා ගන්නෙකයි ඇත්තෙ...මාව වැඩක් නෑනෙ!!

ඇයි වදේ ඉරිසියා හිතෙනවනෙ! වෙන වෙලාවට කොහෙහරි උඩැක්කියක් බදන් ඉන්නවා...දැනුත් ඒ මදිවට සයිලෝව හුරතල් කරනවා!

හුස්මක් දුරින්...Where stories live. Discover now