20 කොටස

336 60 124
                                    


"මට....ඔයා එක්ක කතා කරන්න ඕනෙ ශාලුක..."
මම මුළු හිතේ ම ධෛර්යය එකතු කරගෙන එහෙම කිව්වත් ශාලුක කළේ නිකන් ම හිස් ඇස්වලින් මගෙ දිහා බලාගෙන ඉන්න එක...එයා එකම වචනයක්වත් කිව්වෙ නෑ...අඩුම බලාගෙන හිටිය විදියෙවත් වෙනසක් වුණේ නෑ...තත්පර කටුව එකතැන ගැහෙනවා වගේ දැනෙද්දි මගෙ පපුව ගැහෙන සද්දෙ මට ම ඇහෙද්දි මම එයාගෙ බැල්ම දරා ගන්න බැරුව බිම බලාගන්න කල්ම එයා එකම වචනයක්වත් කිව්වෙ නෑ...මට හුස්ම ගන්න බෑ වගේ....ඒ මදිවට තොල් දෙකත් වේලිලා...උගුරත් හිර කරනවා වගේ...

ඒත් මම වැරැද්දක් කරලා නෑනෙ දෙවියනේ!! ඇයි බය හිතෙන්නෙ??

"කියන්න..."
ශාලුක ටිකකින් එහෙම කියද්දි මං ඔලුව උස්සලා බැලුවා...එයා තාමත් මගෙ දිහා බලාගෙන...එයාගෙ ඇස් රතුවෙලා...පුංචිම නහර පවා හොඳට හයිලයිට් වෙන විදියට...

"ම්-මේ...එදා..."

"පරණ විකාර ඇදලා ගන්න එපා අක්ෂී...ඔයාට ඔයාගෙ නිදහස තියෙනවා කැමති දෙයක් කරන්න...මම ඒකට මොනවත් කිව්වෙ නෑනෙ..."

"ඒක තමයි ප්‍රශ්නෙ!! මොනවත් නොකිව්ව එකයි ප්‍රශ්නෙ!! ඇයි මාව මඟාරින්නෙ!?"

"I'm just busy... that's all Akshi...ඔයාගෙ හිතේ තියෙනවා නම් දේවින්දයි මමයි තරහයි ඒ නිසා ඔයා දෙපැත්තට තැලෙනවා වගේ දෙයක්....වොරි වෙන්න එපා ඔයා ඔයාගෙ බෝයිෆ්‍රෙ-"

"නවත්තනවා ශාලුක!! මුලින් කියන දේ අහලා ඉන්නවා!!තත්පර ගානකට දැක්ක දේවල් ලොකු කරගෙන අවුරුදු ගානක ඉදන් දන්න මාව සැක කරන්න. ලැජ්ජ නැද්ද ශාලුක!!?"

" හ්ම්...go on.. I'm listening..."
ශාලුක මට කියන්න කියලා එතන තිබුණ කණුවට හේත්තු වෙද්දි මම හුස්මක් පහත දැම්මා...

"මට ඔයා කියන ඕන තැනක දිවුරන්න පුළුවන් මට දේවින්ද එක්ක කිසිම සම්බන්ධයක් නෑ...එයා මගෙ ටයිප් නෙවෙයි...ඒකා ඔලුවෙන් හිටගෙන මගෙ පස්සෙ ආවත් මම ඒකට කැමති වෙන්නෑ...මම දන්නවා ඔයා බයයි මම අමාරුවෙ වැටෙයි කියලා...තැන්ක්‍යු අම්මා තාත්තට වත් වටින්නැති මං ගැන හොයලා බලනවට වද වෙනවට..

ඒත් ශාලුක...මාව මඟාරින්න එපා...කේන්ති නම් ගහන්න...බනින්න.. ඒකට කමක් නෑ... ඔයා මට මොන තරම් අත ඉස්සුවත් මට කවදාවත් ඇත්තට ම තරහ ගිහින් නෑ දුක හිතුණා ඇර....මගෙ වැරැද්දක් තියෙ නම් මම වචයක් කියන්නෙ නෑ ඒ කිසි දේකට...ඒත්...ඒත් මාව මඟාරින්න එපා ශාලුක...ප්ලීස් මාව තවත් ඈත් කරන්න එපා...

හුස්මක් දුරින්...Where stories live. Discover now