34 කොටස

220 50 145
                                    

〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

"ඇයි?"
මම කියපු දේට කිසි කලබලයක් නැතිව මගෙ ළඟින් ඈත් වුණ මගේ අහිංසකයා එහෙම අහද්දි මට රිදුණෙ නැතුව නෙවෙයි...

මම හැමදාම එයාට බලාපොරොත්තු දිදී ඒවා උදුර ගත්තා..ඒත් එයා හැමදාම මාව ඉවසුවා...

අසෙනි... තනිකරම අක්ෂිගෙ අනිත් පැත්ත වෙද්දි ඒකි කවදාවත් මාව තේරුම් ගත්තෙ නෑ...ඉවසුවෙත් නෑ...

ඔයාව නැති කරගෙන මට සැනසීමෙ හුස්ම ගන්න බෑ අක්ෂි...මගෙ නෙවෙයි වුණත් පේන්න ඉන්නවනෙ කියලා හිත හදාගන්න පුළුවන්කම තියන් මගේ කියලා බදා ගන්න ගිහින් නැත්තටම නැති කරගන්න මට බෑ...

ඔයාගෙ නම හිස්තැනක් වෙන ජීවිතේකට මම පුදුම තරම් බයයි අක්ෂී...

"ශාලුක...මට එක හේතුවක් කියන්න..."

"මේක නිකන් වෙලාව නාස්ති කරන වැඩක්... තේරුමක් නෑ...ඕනවට වඩා දුර යන්න කලින් අප්-ම්හ්ක්..."
මගෙ දිහා බලාගෙන හිටිය අක්ෂි මගෙ කම්මුල් දෙකට අත් දෙක තියලා කකුලෙ ඇඟිලි තුඩුවලින් ඉස්සිලා මගෙ තොල් වලට බර වෙද්දි මම එයාව වැටෙන්න නොදී අල්ල ගත්තා...

විනාඩියක් දෙකක් එයාම ලීඩ් කරපු කිස් එක එයාම බ්‍රේක් කරපු අක්ෂි ආයෙත් ඇඟිලි තුඩුවලින් ඉස්සිලා මගෙ නළලට තොල් තද කරලා ටික වෙලාවක් ඉඳලා අඩියක් පස්සට ගත්තා...

"ඔයාගෙ වෙලාව නාස්ති කළාට සමා වෙන්න ශාලුක... සතුටින් ඉන්න..."
මගෙ දිහා බලාගෙන හිමින් මුමුණපු අක්ෂි මට පිටුපාලා දුවගෙන යද්දි මම එතන තිබුණ බිත්තියෙ හෙමිහිට නළල හප්ප ගත්තෙ ඔලුව පුපුරන්න තරම් රිදෙන නිසා...

අපි දෙන්නා ඕනනම් මාසයක් සතුටින් ඉන්න ඇති...

.

.

.

.

"හ්හ්...."
දහවෙනි වතාවටත් අක්ෂිගෙ නම්බර් එක ඩයල් කරලා උත්තරයක් නැති තැන මම දේවින්දට කෝල් කළා...

හුස්මක් දුරින්...Where stories live. Discover now