37 කොටස

194 43 146
                                    


"මම තමුන් එක්ක කතා කරන්න ඕන කිව්වෙ ඇයි කියලා දන්නවද?"
අසෙනි කකුලත් පිට කකුලක් දාගෙන හරි ආඩම්බර විදියට අහද්දි මම අත් දෙක බැඳගෙන පුටුවෙ ඇන්දට හේත්තු වෙලා හිටියා...

"ඔයා මට කිව්වෙ එන්න කියලා විතරයි...ඉතින් මම දැනගෙන ඉන්න විදියක් නැහැනෙ අසෙනි.."

"ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද?"
අසෙනි මගෙ මූණට එබෙන ගමන් අහද්දි මම කට කොනින් හිනාවුණා...

මේකි ඇවිත් සතියයි...පුදුම මල කරදරයක් වෙලා තියෙන්නෙ...ළඟින් ගියත් තේනුකගෙ හිත රිද්දනවා හෝමෝෆෝබික් ව#ගතේ...කවියට මුකුත් කියන්නෑ බය නිසා...යෙහා මේකි ඉන්න හතර මායිමක පස් පාගන්නෙ නෑ නංගිව අඬවනවා කියලා...කවියත් දැන් තේනුට එන්න දෙන්නෑ...අල්ල ගන්න කෙනෙක් නැති වෙද්දි මේ මල කරුමෙ මගෙ ඇඟට කඩන් වැටිලා...

"මගෙ ප්‍රයිවේට් ලයිෆ් එක මං හිතන්නෙ සූරියබණ්ඩාර මැණිකෙට වැදගත් නැහැ...මං හරි නේද?"

"තමුසෙ හොඳට මතක තියා ගන්නවා පහන් අයියට නෙක්ස්ට් මන්ත් මැරි කළාම ඒක දේවේන්ද්‍ර ආරච්චි වෙනවා!

මාව බඳින්න ඉන්න මනුස්සයගෙ බෙල්ලෙ එල්ලෙන්න කලින් ඒක හොඳට ඔලුවට ගන්නවා! තමුසෙලා වගේ අව#තක උන් හදන්නෙ කොහොමත් සල්ලිවලට කරේ එල්ලෙන්න නෙ! එදා වලව්වට ඇවිත් මොකද්ද කිව්වෙ? කාරියවසම්!? හහ්...අම්මා වටේම මිනිස්සු එක්ක නිදියගෙන අන්තිමට ඒ මිනිහගෙ බෙල්ලෙ එල්ලුණ පළියට තමුසෙ කාරියවසම් වෙන්නෑ ඕයි! ලැජ්ජාවක් දශමෙක හරි තියෙනව නම් පහන් අයියගෙ ඔලුව නරක් කරන්නෙ නැතුව ඉන්නවා!!

මානසික ලෙඩ්ඩු තමුසෙලා සේරම!! අර පේන්නෑ සීයා අප්පච්චි අයියගෙ පරිස්සමට කියලා තියපු එකා! ඌත් කරන්නෙ කොල්ලො ගහන එක...සීයා අප්පච්චිටත් පිස්සුද මන්දා!"

"ඉවරද?"

"මොකද්ද තමුසෙ කිව්වෙ!?"

"මම ඇහුවෙ කියන්න තියෙන ටික කියලා ඉවරද කියලා...හොඳට අහ ගන්නවා අසෙනි...තමුසෙට වැඩ නැති වුණාට මට මගෙ වෙලාව වටිනවා... ඕක කියන්න නම් ආවෙ...මම යනවා... මම දන්නවා තමුසෙ ශාලුකව බඳින්න  දඟලන්නෙ දේපල තණ්හාවට බව... බට්...ඒ දේවල් මට අදාළ නෑ... ශාලුක තමුසෙට ආදරෙත් නෑ... තමුසෙ ශාලුකට ආදරෙත් නෑ...ඒත් ඒව මගෙ ප්‍රශ්න නෙවෙයි! පවුල් ප්‍රශ්න විසඳගන්න බැරුව ඒවට මාව අල්ලගන්න එපා!"

හුස්මක් දුරින්...Where stories live. Discover now