"කවියා...උඹ දේවින්දව දැක්කද?"
"ඌ අර ගියාට පස්සෙ ආය ආවද?"
කවියා නිදිමතේ වගේ උත්තර දෙනවා මට ඇහුණාත් මට ඇස් ඇර ගන්න පුළුවන් කමක් තිබුණෙ නෑ...ඔලුව බරයි...පපුව උඩ ගලක් තියලා වගේ..."විහාත් නෑ...දේවිනදත් නෑ...දේවින්ද නැති එක හිතා ගත්තෑකි...ඒත් විහා මෙතනින් හෙල්ලුණා කියන එක... හිතාගන්න අමාරුයි..."
ඒ කතා කරන්නෙ යෙහා...ඌ හති දානවා වගෙත් ඇහුණා..."තේනුකව සඳූලා ඉන්න රූම් එකට එක්කරගෙන යනවද?"
"එපා බං...මම අරූ ගැන තියෙන බය අමතක කර ගන්නෙ මේකගෙ මූණ දිහා බලන් ඉඳලා....ඔහොම ඉඳියාවෙ... හ්හ්හ්...."
"මට හිතාගන්න බෑ ඇයි මුන්ගෙ සීයා එකපාරම ස'ජරි එක හදිස්සි කළේ කියලා... එච්චර ඉක්මනට ඩෝනර් කෙනෙක් හොයන්න බෑනෙ බං...මං කියන්නෙ ප්‍රැක්ටිකලි....
මගෙ ගට කියනවා මොකක් හරි ලොකු වැරැද්දක් තියෙන බව..."
"මටත් අවුලක් තේරෙනවා...ඒත් සේපාල දේවේන්ද්‍ර ආරච්චිගෙ හැම ගේමකම වැදගත් පොයින්ට් එකක් ශාලුක... ඉතින් බොරුව දැම්මට ඒ මිනිහා ලෑස්ති නෑ ශාලුකව නැති කර ගන්න...
සේරටම කලින් මූව කකුල් දෙකෙන් නැඟිට්ටගෙන ඉන්න එපැයි...කිව්ව විදියට තව පැයක් වගෙ ඇතුළත මූ ඇහැරෙන්න ඕනෙ...දැන් පැය දහයක් විතර ඉවරනෙ බං..."
"හ්ම්...කකුල් දෙක නෑ වගේ ඕයි...මම ඩොනර් කෙනෙක් සෙට් කරගෙන එද්දි මෙහෙ ස'ජරි එකට අරන්..."
"උඹට වේලාසන නොකිව්වට-"
"ම්හ්...ඕන්නෑ...මම දන්නවනෙ මුගෙ හැටි...හිතන් ඉන්නැති මද්දුමබණ්ඩාර වගෙ මැරෙනා සැටි මා පෙන්වන්නම් ගාගෙන...
ආයෙ හිටි තැනට එයිනෙ ප#යා...බාවනවා මූව මං!"
යෙහා මට බනිනවා...එතකොට ඩොනර් කවුද කියලා මුන් දෙන්නා දන්නෙත් නැද්ද... සීයප්පච්චි ඇයි එකපාරට එහෙම කළේ...අ-අක්ෂි කොහෙ ගිහින් ද?
ඇත්තටම එයා මට වෛර කරනවා ඇතිද? බොරු... එයාට මං එක්ක තරහා වෙලා ඉන්න බෑ!
"ම්හ්..."
"ලූකා..."
"ශාලුවා!""ක්හ්..."