25 කොටස

258 52 160
                                    

'Best of luck cutie...I know you'll do your best...I just wanted to remind you you're twice capable than how you feel...'
දහයට විතර ශාලුකගෙන් ආව මැසේජ් එක දැකලා මට හිනාගියා...මම හිටියෙ අන්තිමට ම මට ශුවර් නෑ කියලා හිතුණ mcq points වගයක් බලන ගමන්...

මමා පෙරේදා ඉඳලා ම අපාට්මන්ට් එකේ...එයා සයිලෝ එක්ක ටිකක් යාළු වෙලාද මන්දා...දැන් කෑ ගහන්නෑ හැමතිස්සෙම...සයි දන්නවා බලුමායම් ටික දාලා ගානට ඕන කෙනෙක් අල්ල ගන්න...මමා කෑම හදලා එහෙම ගෙනත් දෙනවා මං එක්ක ලොකුවට කතා කරන්නෙ නෑ...මට ඇහුණා කීප වතාවක් ම කෝල්ස් වල ඉද්දි 'හරි අරවින්ද මම රණ්ඩු කරන්නෙ නෑ' කියලා කියනවා... අංකල් මම හිතුවට වඩා හොඳයි එයා මමාට එක එක විදියට නටන්න දෙන්නෙ නෑ...

ෆෝන් එක ඔන් කරද්දි ආව ශාලුකගෙ මැසේජ් එක දැක්කාම මට හිනාවක් ආවා මූණට...කවියා,යෙහා දෙන්නත් විශ් කරලා තිබුණා...තේනුවා සද්ද නෑ ෆෝන් ඕෆ් කරලා වෙන්න ඇති...

මම තුන්දෙනාට ම ස්ටිකර්ස් තුනක් දාලා ලෑස්ති වෙන්න යන්න හිතන් පුටුවෙන් නැඟිටලා හැරෙද්දි තමයි මමා දොර ළඟ ඉන්නවා කියලා...

"අහ්...ම-මම දැන් ආවෙ...ඔයාට කෑම ගෙනත් දෙන්න ද පුතූ රූම් එකට?"

"ගිහින් ඇවිත් කනවා...කාලා ගියාම නිදිමතයි..."
මම එහෙම කියලා ආයෙ එයා දිහා නොබලා බෑග් එකට අයිඩී එකයි ඕන ඩොකියුමන්ට්ස් ටික දාලා ඊයෙ මම අයන් කරන්න හදද්දි මමා බලෙන් ම අයන් කරලා දුන්න යුනිෆෝම් එකත් ඇද උඩින් දාලා වොශ්රූම් එකට ගියා...

.

.

.

.

"පුතූ...මම කිරි එකක් හැදුවා...කේක් තියෙනවා...ඒක ලයිට් ඩයට් එකක් නෙ...ප්‍රශ්නයක් නෑනෙ..."
මමා එහෙම කියලා නෙස්ටමෝල්ට් එකක් එක්ක ලොකු චොක්ලට් කේක් කෑල්ලක් මට ගෙනත් දීලා එයාගෙ එකෙන් බාගයක් සයිලෝට දීලා සයිලෝ ඇඟේ වැදෙන්න කලින් එහාට වුණාම මට හිනා ගියා...තඩියට ඒව ගානක් නෑ කනවා නැට්ට වන වන...

"තඩී බබා...අයියා එක්සෑම් ලියන්න යනවා පැටියෝ... කෝ අයියට විශ් කරන්න ඉතින්...ආ...ආආ...ඇති...කෝ ඔලුව අතගාන්න වාඩි වෙන්න...අන්න එහෙම...සයිලෝ ගුඩ් බෝයි වෙන්න..."
මම තඩියා ළඟ දණගහගෙන එයාව අවුල් කරලා අවුල් කරලා දාලා නලළට කිස් එකක් දීලා වාඩිවෙන්න කිව්වා ම එයා දිව ඇදගෙන වාඩිවුණා...

හුස්මක් දුරින්...Where stories live. Discover now