03 කොටස

357 48 27
                                    


"Oh my heart's on fire for your love...
Oh my heart's on fire for your love..."
කන ළඟම එලාම් එක වදිනවා ඇහෙද්දි ගැස්සිලා ඇහැරුණා ම තමයි මම දැක්කෙ මට පොත උඩ ම නින්ද ගිහින් කියලා...

දැන් කොහොමත් හයයි...තව විනඩි හතළිහකින් ඩ්‍රයිවර් අංකල් එන නිසා මම පොත වහලා දාලා අතට අහුවුණ පොත් දෙක තුනක් බෑග් එකට දාලා ඇඟ පතේ හිරි ඇර ඇර පහළට ගියේ පුරුද්ද්ට ගෲප් චැට් එකට ගුඩ් මෝනින් කියලා දාලා ශාලුකට වෙනම ගුඩ් මෝනින් කියලා දාන ගමන්...

ඒ චැට් එක දැක්කා ම හිනා යනවා... good morning, good night විතරයි....ඒකත් ගොඩක් දවසට මම විතරයි...

.

.

.

.

"මෝනින්ග් බොසා...උඹ කාලද ආවෙ?"
තේනුක මගෙ බඩට ෆිට් එකට එකක් ගහලා අහද්දි මං නෑ කියන්න ඔලුව වැනුවෙ ඊළඟ තත්පරේ මේකා පුපුරන බව දැන දැන...

"තොට ගස්ගෙම්-"

"හෝව් හෝව් හෝව්!! ටිකක් ඉඳපන් මචං...මම සැන්විච් හදන් ආවා...සෙට් එකම කමු..."
මං තේනුකගෙ කට අත් දෙකෙන් ම වහගෙන කෑ ගහද්දි කවිනු මගෙ බෑග් එක ඇවිස්සුවා...

"යෙහා...මූ නිදිද මේ?"
මං ඩෙස්ක් එකට ඔලුව ගහගෙන ඉන්න යෙහෙන්ගෙ උරහිසට තට්ටුවක් දාලා අහද්දි තේනුක මං දන්නෑ කියන්න වගේ උරහිස් ඇකිළුවා ම මං පුටුවක් ඇදන් යෙහා ළඟින් වාඩිවුණා...

"ඕයි...යෙහා..මොකද බං මේ?"
යෙහෙන් කියන්නෙ දේවල් සීරියස් ගන්න එකෙක් නෙවෙයි... ඌ සාමාන්‍යයෙන් ආතල් එකේ ඉන්න චරිතයක්...හැබැයි කවුරුහරි අවුස්ස ගත්තොත් යෙහා යකෙක්...ඒත් මූඩ් ගහලා ඉන්න එක...ඒක උගෙ විදිය නෙවෙයි...

" යෙහා..."

" ඉන්න දියන් විහස්..."

"උඹට මොකද්ද වෙලා තියෙන්නෙ? ඔහොම මූණ එල්ලන් ඉන්න තරම් මට හිතා ගන්න බැහැනෙ...ශාලුක එක්ක රණ්ඩු වු-"

"I didn't fight with anyone Akshi... What's it this time?

Morning guys!"
එක පාරට ම මගෙ පිටිපස්සෙන් ශාලුකගෙ කටහඬ ඇහෙද්දි මාව ගැස්සිලා ගියා වගේම ඉබේට ම මාව ඒ පැත්තට හැරුණා...

"ම්හ්...කාපන්...විහා හදන් ඇවිත් තියෙන්නේ.."
කවිනු මගෙ ලන්ච් බොක්ස් එක ශාලුකට දෙද්දි ශාලුක යන්තමට හිනාවෙලා එපා කියන්න ඔලුව වැනුවා...

හුස්මක් දුරින්...Where stories live. Discover now