33 කොටස

236 39 131
                                    

"කවුද බං හිතුවෙ අරම පිස්සු කෙල කෙල හිටිය එකා අපි සේරටම කලින් කසාද බඳී කියලා බං!!"
කවියා යෙහාට ශෝල්ඩර් බම්ප් එකක් දීලා කියද්දි යෙහා කන් පෙත්ත අඹර අඹර හිනාවුණා...

"සිරාවට නේ බං!? මූ කෙල්ල ගැන කියලාවත් තිබ්බෙ නෑනෙ නිකමටවත්!"
ඒ ක්‍රිකට් ටීම් එකේ කැපා,යොමාල්... යෙහාට වැඳගෙන ඉන්නෙ ක්‍රිකට් ටීම් එකේ උන්...උගෙ බෝලින් යුනික් කියලා... යෙහා නැශනල් ටීම් සිලෙක්ට් වෙයි කියලා බලාගෙන ඉන්නෙ වැඩිය ඇඟෙව්වෙ නැති වුණාට...

උගෙ එන්ගේජ්මන්ට් පාටි එක අයියලා ලොකුවට ම ගත්තා.....අංකලුයි ආන්ටියි දෙන්නම උදේ සයින් කරන වෙලාවෙ ඇවිත් ගියා...ඒ දෙන්නා සෙපරේට් වෙලා හිටියට යෙහාට ආදරෙයි...

ආන්ටි නංගිට ලොකු නෙක්ලස් එකක් ගෙනත් තිබුණා... ඒක එයාම නංගිට දාලා පුළුවන් නම් මේ නහයට අහන්නැති කොල්ලා හදලා ගන්න ඩියර් කියලා ටික වෙලාවක් ඉඳලා අංකල් එක්කත් කතා කරලා අයියගෙයි අක්කගෙයි බබාලා එක්ක හවස් වෙනකල් ම ඉඳලා දැන් ටිකකට කලින් ගියේ... අංකල් පාටි එකේ ආව බිස්නස්මන්ලා එයාගෙ යාලුවො නෑදෑයො එක්ක කතා කර කර ඉඳලා ටිකකට කලින් පූල් ඒරියා එකට ගියා එයාලගෙ පාටි එකට...අංකල්ගෙ සෙකට්‍රි ආලියාගෙ අම්මා තමයි පාටි එකේ වැඩ හොයලා බලලා කළේ...

යෙහාගෙ විදියට නම් ඒකි නාකි වටබ#ඩ...ඒවුණාට ඒ මනුස්සයා නරක නැහැ...පවුලක් දෙපැත්තට කරලා බැඳපු මිනිහෙක්ගෙ කරේ එල්ලුණ එක වැරදියි...මම නෑ කියන්නෙ නෑ...ඒත් ඉතින් තනි අතින් අත්පුඩි ගහන්න බෑනෙ...අනිත් ගතිගුණ අතින් බැලුවා ම ඒ මනුස්සයා හරි හොඳයි...

"සිරාවට කෙල්ල කෝ බං දැන්?"

"අන්න අරහෙ ආලියා ඇදගෙන ගියා..."

"අපෝ කෙල්ලට දැනටම කැරකිල්ල වගේද දන්නෑ..."

"අක්කා ඉන්න නිසා ආලියා දඟලන්නෙ නෑ...ඒකි කාට නැතත් අක්කට බයයි..."
යෙහා එහෙම කියලා තව ග්ලාස් එකක් හිස් කරද්දි කොල්ලො හූ කිව්වා...

"උඹ බඹරා වගේ ගහලා යන්නෙපා ඕයි..."

"අර කෙල්ල පව්!"

"ෆස්ට් නයිට් එන්නෙ එකයි! එදාට කරන මඟුලක් මතක තියෙන ගානට බීපන්!"
යෙහාගෙ යාළුවො ඇවිත් හිටිය උන් යෙහාගෙන් ආතල් ගනිද්දි ඌ හිස් ග්ලාස් එක මූණ ඉස්සරහට උස්සලා කරකවන දිහා මම බලාගෙන හිටියා...

හුස්මක් දුරින්...Where stories live. Discover now