38 කොටස

189 37 74
                                    

"අයියේ මේ බකල් එක ගලවන්නකො සෙරෙප්පුවෙ.."
අසෙනි අතේ තිබුණ නෙළුම් මල් ටික ඇඟෙන් ඈතට කරලා අල්ලගෙන මගෙ පැත්තට කකුල දික් කරද්දි තේනුක ඇස් රෝල් කරලා අහක බලා ගත්තා...

"මල් එක මට දීලා සෙරෙප්පු දෙක ගලවලා කා එකට දාලා එනවා අසෙනි..."
මම ඒකිගෙ අතේ තිබුණ මල් එක උදුරලා අරගෙන ආයෙම ෆෝන් එක දිහා බලාගත්තා...

අපෙ අම්මටත් විකාර නෙක්ස්ට් වීක් මැරි කරනවා කියලා මට බෝධිපූජා කරනවා... බෙල්ලෙ එල්ලන්න යන ඉසකුඩිච්චියෙ හැටියට කොහොමත් දවස ගානෙ සෙත්කවි කිව්වත් මදි තමයි...

කොහොමහරි අන්තිමේ මේ මල විකාරෙට දවස් හතක් අසෙනි එක්ක කළුතර බෝධියට එන්න වුණා මට... අම්මයි නැන්දයි අසෙනියි අසෙනිගෙ අක්කයි මමයි කවියයි තේනුයි අක්ෂියි... යෙහා දැන් එන්නෙම නැති තරම් අසෙනි ඉන්න නිසා...ඌ අසෙනි නැති තැන අපි එක්ක ඉන්නවා.. නංගි එක්ක එන්නෙ නෑ අසෙනි ඉන්න තැන්වල...මාත් වේලාසන ම කිව්වා නැන්දට එහෙම පේන්න නංගිව එක්කරගෙන එන්න එපා කියලා...

මේ ටිකේ කොහොමත් ඌ ලංකාවෙ නෑ...බිස්නස් වගේකට Canada ගිහින්...නංගි තනියම දාලා යන්න බෑ කියලා ඒකිවත් එක්කරගෙන ගිහින්... මට කවියා කිව්වා දැන් නංගිත් යෙහාට ආදරෙයි වගේ හිතෙනවා කියලා සුදූ කිව්ව බව...උන් දෙන්නා සතුටින් ඉන්නවා නම් එච්චරයි...අයියා එහෙම ගෙවුණ මාසෙට දෙකට නංගිට හෙන ආදරෙයි යෙහාව මනුස්සයෙක් කළා කියලා...යෙහා කෙල්ලගෙ අම්මවයි ඉපදුණ දවසෙ ඉදලා ඇඳේ හිටිය මල්ලිවයි දෙන්නව ම කොළඹ ගෙනත් තිබුණා...මල්ලි දැන් වීල් චෙයා එකක ඉන්නෙ...මලී නැන්දා කැමති වෙලා නෑ යෙහාලගෙ ගෙදර ඉන්න...යෙහාට කියලා පොඩි කාමරයක් අරගෙන මල්ලි එක්ක ඒකෙ ඉන්නෙ... නැන්දා බෝඩිං වලට කෑම පැකට් දානවලු... යෙහා මල්ලිගෙ වියදම් බලන නිසා නැන්දට ලොකු අවුලක් නෑ...

කට්ටිය ම ඇතුළට ආවට පස්සෙ අක්ෂි තේනු එක්ක මළුව අමදින්න කියලා ගියාම කවියා මගෙ ළඟින් වාඩිවෙලා ටෙස්ට් රිපෝට්ස් ගැන කතා කරන්න ගත්තා...  උන්ගෙ අයියා කියලා තියෙනවා හෙට එන්න කියලා... එයා කරන්න තියෙන සේරම ටෙස්ට් වලට සාම්පල් ගත්තා එදා දවසම...එක සාම්පල් එකක් හරි දෙකක් හරි Singapore යවලා ටෙස්ට් කරන්නත් වෙයි කිව්වා මෙහෙ ඒවට ඕන technical facilities නෑ කියලා...

හුස්මක් දුරින්...Where stories live. Discover now