48 කොටස

213 52 89
                                    

"අයියේ..."

"ම්හ්?"

"බබා ඊයෙ කික් කළා...එතකොට රිදෙනවනෙ..."

"හ්ම්..."

"ඔයා කතා කරනවද බබාට?"

"දිව නැවෙන්නෙ නැද්ද දරුවා කියන්න...බබා බබා ගාන්නෙ?"
මම සද්දෙට නැතත් අසෙනිට රවාගෙන කියද්දි මගෙ ඔෆිස් රූම් එකේ සෝෆා එකේ හිටිය කෙල්ල මගෙ දිහා බලාගෙන ඉස්සරහට බෝල වෙලා තියෙන බඩට උඩින් අතක් තියා ගත්තා...

"හෙට බලන්න පුළුවන් වෙයි අපිට එයා පුතූ කෙනෙක්ද දෝණියෙක් ද කියලා..."

"හ්ම්..."

"ඔයා එනවද?"

"වෙලාව තිබුණොත් එන්නම්... නැත්තන් ඩ්‍රයිවර් එක්ක යන්න...නැන්දා ඉන්නවනෙ..."
මම ෆයිල් එක දිහා බලාගෙන ම කියද්දි අසෙනි සද්ද නැතුව ගිය නිසා මාත් මගෙ වැඩේ කරගෙන ගියා...අද මැන්ශන් එකේ කවුරුත් නෑ තනියම ඉන්න බෑ කියලා අසෙනි ඔෆිස් එකට ආවා...

මම ගණන් ගන්නෙ නැතුව හිටියත් ඒකි බැරි බැරි ගාතෙ එහෙට මෙහෙට හැරි හැරි කියවනවා...රෙස්ට් රූම් එකේ ඇඳට යන්න කිව්වට අහන්නෙත් නෑ...දරුවට මාස හතක් ඉවර නිසා දැන් අසෙනි බෝල වෙලා... අත් කකුල් එහෙමත් ඉදිමිලා...බඩත් ගොඩක් ලොකු වෙලා...

මට ආස හිතුණෙ නැතුව නෙවෙයි දරුවව චුට්ටක් අල්ලලා බලන්න...ඒත් අසෙනිට ළං වෙන්න තියෙන අකමැත්ත නිසා මම මාව නතර කරගෙන හිටියා... බොරුවට ඒකිට බලාපොරොත්තු දෙන්න ඕන නෑනෙ... මගෙන් අසෙනි බලාපොරොත්තු වෙන කිසිම දෙයක් කවදාවත් ඒකිට ලැබෙන්නෙ නෑ...

"අයියේ..."

"ච්-ඒ පාර මොකද!?"

"මට..."

"ඕන මොනවාහරි තියෙ නම් කේශව් අයියට කියන්න!"
මම ආයෙ ෆයිල් එක දිහා බලන ගමන් කිව්වත් කෙල්ල එපා කියලා බිම බලාගනිද්දි මට දුක හිතුණා...

අසෙනි කියන්නෙ දේවල් ඉල්ලලා හුරතල් වෙන කෙල්ලෙක් නෙවෙයි...ඕන නම් ඉල්ල ඉල්ල ඉන්නෙ නෑ අසෙනි...කවුරුත් අරන් දොනකන් කියලා බලන් ඉන්නෙත් නෑ....දරුවා ලැබෙන්න ආවට පස්සෙ තමයි හුරතල් වෙන්න අරන් තියෙන්නෙ....

එකපාරක් ලෙමන් කේක් ඕක කියලා එයාගෙ අප්පච්චියි අපෙ අප්පච්චියි ලොකු අයියයි තුන් දෙනාම ගෙනල්ලත් එපා කිව්වා...ඒකිට මම ම ගෙනත් දෙන්න ඕනලු...එදා අම්ම මට වෙනම ම කතා කරලා කිව්වා කේශව් අයියවත් අනිත් කවුරුත්වත් නෙවෙයි දරුවා හොයන්නෙ තාත්තව කියලා... මට අසෙනි එක්ක තියෙන තරහවල් දරුවගෙන් පිරිමහන්න එපා කියලා අම්මා කිව්වෙ...

හුස්මක් දුරින්...Opowieści tętniące życiem. Odkryj je teraz