06 කොටස

317 49 36
                                    


" මචං විහස්...උඹ ෆ්‍රීද මේ වෙලාවෙ?"
අපෙ ක්ලාස් එකේ එච්චරම බ්‍රයිට් නැති ආතල් එකේ ඉදන් තරමකට වැඩ කරන එකෙක් වුණ ආකාශ් අහද්දි මං ඉවර කරපු පරිවර්තන ටියුට් එක පොත ඇතුළට දාලා ඔව් කියන්න ඔලුව වැනුවා...

"ඕයි එහෙනන් මට ප්‍රභාසංස්ලේෂණය ටික කියලා දියන්කො....මට ඒ ල#බ පැටලෙනවා බං... හැමදාම සර් කියලා දෙද්දි ශේප්...සතියක් යද්දි පැටලිලා හු..ත"
ආකාශ් ඔලුව කස කස කියද්දි මට හිනා ගියා...

"C4ද C3ද ඕන?"

"තුනේ එක කියලා දීපන් බං...අරක එපා"
අරූ පොත මගෙ ටේබල් එක උඩින් තියලා වාඩිවෙන්න හදද්දි මම පුටුවෙන් නැඟිට්ටා...

"අපි කැන්ටින් එකට යමං?"
මම අහද්දි ඌ හා කියන්න ඔලුව වනලා පොතත් රෝල් කරන් මාත් එක්ක කියව කියව යද්දි මාත් සයිඩ් සපෝට් දිදී පොත් ටිකත් තුරුල් කරගෙන ඇවිදන් ගියා...

තේනුක එතන...එයා කවිනු ක්ලාස් වල හෝම්වර්ක් කරනකල් එතනට වෙලා තමයි එයාගෙ වැඩ කරන්නෙ... තනියම ආකාශ් එක්ක පැය ගානක් ඉන්න එක කම්මැලි නිසා තමයි මමත් පහළට යමු කිව්වෙ....

"ආ ආකාශ් බොසා!"
කවිනු එයාව දන්නවා දෙන්නම රගර් ටීම් එකේ ඉන්න නිසා...

"මේ ගස්වල ගෙඩි හැදෙන ඒවත් සාප බං...අපෙ උන් ඕන නැති අහවල් ඒවගෙ ඇඟිලි ගහනවනේ!"
ආකාශ් එහෙම කියලා මම වාඩිවුණ තැනට ඉස්සරහින් වාඩි වෙලා කකුල් දෙක පද්ද පද්ද හිටියා...

"හරී...C3 යාන්ත්‍රණේ ගැන..."
මම පාඩම පටන් ගනිද්දී ආකාශ් ෆුල් ඇටෙන්ශන් දීලා අහගෙන හිටියා...

.

.

.

.

"අහ්...ආලෝක ප්‍රතික්‍රියාවෙ ඉලෙක්ට්‍රෝන ගලන pathways දෙකයි... රේඛීය...චක්‍රීය...ඒ දෙකේ වෙනස්කම් ටික අපිට ඕනෙ...

රේඛීය එකේ දි PS I, PS II දෙකම දායක වෙනවා...චක්‍රීය එකේ දි PSI විතරයි... රේඛීය එකේ H2O ජල විච්ඡේදනය වෙනවා...චක්‍රීය එකේ එහෙම නෑ... රේඛීය එකේ NADPH, ATP,O2 හැදෙනවා..චක්‍රීය එකේ ATP විතරයි අනිත් ඒව නැහැ... රේඛීය එක්හ්-ක්හැ.. ක්හැ..."
මට කැස්සක් ආව නිසා තේනුක පිටට ගහද්දි කවිනුත් මගෙ දිහා බැලුවා... ආකාශ් නැඟිටලා පිටටත් තට්ටු කළා...

හුස්මක් දුරින්...Where stories live. Discover now