24 කොටස

276 53 129
                                    


'ප්ලීස්...සර් ම්-මම දන්...නෙ නෑ... ම්...මම ක්-ක්-ආර්හ්!!"

'කට! කට වහපන්!! මෙතන කතා කරන්නෙ මම!!'

'පහන්ට මතකද මූව?'
සීයප්පච්චිගෙ කේන්ති ගිය කටහඬට මෙච්චර වෙලා බිත්තිය මුල්ලට ගුළිවෙලා අඬන අපිට වඩා අවුරුද්දක් විතර බාල කොල්ලා දිහා බලන් හිටිය මාව ඒ කටහඬට ගැස්සිලා ගියා...

'මම ප්‍රශ්නයක් ඇහුවා!'
සීයප්පච්චි මගෙ දිහා බැලුව විදියට මට ඉබේට ම බිම බැලුණා...

'කොන්ද පණ නැති එකෙක් වගේ වැඩ කරන්න එපා පහන්!! තමුසෙ තමයි දවසක වලව්වෙ අනාගතේ!! මගෙ ඇස්  දිහා කෙලින් බලලා කතා කරපන් මිනිහෙක් වගේ!!'
සීයප්පච්චි ආයෙත් ඒ කොල්ලට බෙල්ට් එකෙන් ගහද්දි ඒකා කෑ ගැහුවා...ඌ ඉකි ගගහා අඬනවා යන්න දෙන්න කියලා...

'ම්-මතකයි ස්-සීයප්...පච්-ආර්හ්...'

'ගොත නොගහා කතා කරපන්!!'

'ම-හ්...මට මතකයි...'
මම අමාරුවෙන් ඒ වචන දෙක අමුණ ගනිද්දි සීයප්පච්චි හිනා වුණා...

'වසන්ත...අරුන් ටිකට ඇතුළට එන්න කියපන්! එතකොට තමුන්...තමුනුත් හවුල් ද මේ වැඩේට!? වික්‍රමනායකගෙ කොල්ලා හිටියා... පහන් හිටියා... තමුන්?'

'නෑ සර්...මම දැන් ක්ලබ් යන්නෙ නෑ...ඒ නිසයි ක්ලබ් යද්දි පහන් සර්ගෙ ගාඩ් එකට වෙන කවුරුහරි යවන්නෙ...'
කවියා අත් දෙක පිටිපස්සට බැඳලා බිම බලාගෙන ම කියද්දි උගෙ තාත්තා යන්තමට හිනා වෙනවා මම දැක්කා...

'එදා වුණ දේ ගැන මොනවද තමුන්ට කියන්න තියෙන්නේ පහන්?'
මම ටිකක් වෙලා ඒ කොල්ලා දිහා බලාගෙන හිටියා...ඌ දුප්පත්...ඕලෙවල් කරලා ගමෙන් කොළඹ ආපු ගමක කොල්ලෙක්..ගෙදර වියදම හොයා ගන්න රස්සාවල් කර කර නහින එකෙක්....රෑට අපි නිතර යන එන ක්ලබ් එකක මයිනර් ස්ටාෆ් හිටියෙ...

අපි හිටිය රූම් එකට කොල්ලව එක්කරගෙන ආවෙ මිනිස්ටර් හේවගේගෙ පුතා...අවිශ්ක අයියා...

මහිරු ඇත්තටම ලස්සනයි... කෙල්ලෙක්ටත් වඩා ලස්සනයි මම හිතන්නෙ...මම ඔට්ටුව පැරදිලා හිටියෙ එදා...මට රේස් එක දිනන්න බැරි වුණා...ඉතින් මට උන් පෙන්නන ඕන කෙනෙක්ව විනාඩියක් ඇතුළත අතින් අල්ලන්නෙ නැතිව කෙඳිරි ගාවලා මාව ඉල්ලන තැනට දාලා පෙන්නන්න බැරි නම් මගේ රතුපාට බයික් එක අවිශ්ක අයියට දෙන්න කියලා සෙට් එකම කෑ ගැහුවා... මමත් වැඩිය නොහිතා හා කිව්වා...කොහොමත් මෙතන උන් මාව ළඟට ගන්න නොකරන මඟුලක් නෑ... ඉතින් කෙල්ලෙක්ව ප්ලීඩ් කරන තැනට දාන්න මට අමාරු නෑ...මම ඒ නිසා ඇක්සෙප්ට් කළේ...ඒත් අවිශ්ක අයියා ගෙනාවෙ කොල්ලෙක් වෙද්දි මට ටිකක් අමුතු හිතුණත් ලොකු කමට මම බෑ කිව්වෙ නෑ...

හුස්මක් දුරින්...Where stories live. Discover now