47 කොටස

179 49 58
                                    


"හෙලෝ..."
නිදිමතේ ම අතපත ගාලා එහා පැත්තෙ සීට් එක උඩ තිබුණ ෆෝන් එක අතට ගත්ත මම කෝල් එක එන්නෙ කාගෙන්ද කියලාවත් නොබලා ආන්ස්වර් කළා...

"අහ්...අසෙනි..."

"ම-මම... කීයටද යන්නෙ?"

"මම එන්නම ඕනද?"

"ළමයා මගෙ වුණා නම්-"

"ආර්හ්! ඔහොම ඉන්නවා බොරුවට උඩ පනින්නෙ නැතුව! මම එන්නම්!"
කෝල් එක කට් කරලා දාලා ෆෝන් එක සීට් එක උඩට ම විසි කරපු මම අත් දෙකෙන් ම කොණ්ඩෙ ඇද ගන්න ගමන් සීට් එක ඇඩ්ජස්ට් කරගෙන හරියට වාඩිවෙලා ඇස් දෙක දෙතුන් වතාවක් අත් දෙකෙන් පොඩි කරලා වටේ බැලුවා...

ඊයෙ මං එක්ක කතා කරලා අක්ෂි අපාට්මන්ට් එකට ගියාට මම ආවෙ බීච් එක ළඟට...

පාන්දර හතර විතර වෙනකන් වාහනේ සින්දුවක් දාගෙන ශටර් එකෙන් මුහුද දිහා බලාගෙන දරාගන්න පුළුවන් ලෙවල් එක පාස් කරලා සෑහෙන්න ප්‍රමාණයක් ඩ්‍රින්ක්ස් ගත්ත මම තාමත් හිටියෙ එක දෙක  වෙලා පේන ගානට වෙරි මතේ...මට ඩ්‍රයිව් කරන්න බෑ... ඒත් දැන් නොගියොත් නැන්දා සීයප්පච්චිට ගිනි තියනවා ඕක...

වාහනෙන් බැහැලා ටිකක් එහෙට මෙහෙට නැවිලා ඇඟපතේ හිරි ඇරගෙන ඉස්සරහ සීට් එක ළඟ බිම තිබුණ හිස් බෝතලෙයි බියර් කෑන් දෙක තුනයි අහුලලා පිටිපස්සට දාපු මම වාහනේ ස්ටාට් කරලා පාරට දැම්මෙ ගෙදර යන්න උවමනාවකින් නෙවෙයි...

මොන විදියට ඩ්‍රින්ක්ස් අරගෙන වාහනයක් අරන් ගියත් මාව පොලීසියෙන් නතර කරන්නෙ නැති වුණත් මට සාධාරණ බයක් තිබුණා මම වාහනේ කොහෙහරි හප්ප ගනීවි කියලා...

එහෙම හරි මේ කරුමක්කාර ජීවිතේ ඉවර වෙනවා නම් එකක්...ඒත් පාරවල්වල ඉස්කෝලෙ යන ළමයි ඉන්න නිසා මම පුළුවන් තරම් පරිස්සම් වුණා...ඒත් අපේ ගෙදරට යන ලේන් එකට දැම්මට පස්සෙ මම එන්න එන්න වාහනේ ස්පීඩ් එක වැඩිකළා...

"ක්‍රාආආස්ස්!"

"චූටිපුතා!!"
"චූටි බේබි!"
එළියෙ අම්මායි තව කීපදෙනෙක් කෑ ගහද්දි මම ස්ටියරින් වීල් එකේ වැදුණ ඔලුව උස්සන්න මහන්සි නොවී එහෙම ම ඔලුව ගහගෙන හිටියා...වාහනේ වින්ඩ්ස්ක්‍රීන් එක ඉරි තලලලා...

හුස්මක් දුරින්...Where stories live. Discover now