10 කොටස

315 46 31
                                    

" ඕයි අපේ උන් පරදීද බං..."

"බය වෙන්න එපා බබා...ශාලුවා එහෙම අරුන්ට දිනන්න දෙන්නෑ... දේවින්දයට කොහොමත් නෑ..."
කවිනු කියද්දි මමත් හිටියෙ උඩට ගත්ත හුස්ම පහළට නොදා ග්‍රවුන්ඩ් එක දිහා බලාගෙන...

අද ඉරිදා ඉන්ට ස්කූල් ෆයිනල් මැචස් තිබුණෙ අපියි දේවින්දලගෙ ඉස්කෝලෙයි අතරෙ...මේක ගොඩක් එවුන්ට ෆුට්බෝල් මැච් එකක් වුණාට මට නම් දැනුණෙ ම යුද්ධයක් වගේ...

එහෙන් පපරෙ සද්දෙ...අනිත් පැත්තට ස්ටේඩියම් එකේ පිරිලා ඉතිරිලා ඉන්න කොල්ලොන්ගෙ සද්දෙ...ඒ අස්සෙ මැච් එක විස්තර කරනවා අනවුන්ස් කරන්න ඉන්න එවුන් තුන්දෙනා එකක් ඉවර වෙද්දි එකක් සිංහලෙන් දෙමළෙන් ඉංග්‍රීසියෙන් තුනෙන්ම.... ඒ අස්සෙ එක එක ඒව විකුණන්න ආපු එවුන් නළා පිඹිනවා විස්ල් ගහනවා...මම හිටියෙ ඔලුව විකාර වෙලා...

"විහා...උඹට හිතෙන්නැද්දි ශාලුක අද වෙනදා වගේ ඇක්ටිව් නෑ කියලා..."
තේනුක මගෙන් අහද්දි මං ඔව් කියන්න ඔලුව වනලා ග්‍රවුන්ඩ් එක දිහා බලන් ඉඳලා වාඩිවෙලා හිටිය තැනින් නැඟිට්ටා....

"මම අපෙ කට්ටියගෙ රෙස්ට් රූම් එකට ගිහින් එන්නම්..."
මං සාක්කු දෙකට අත් දෙක දාගෙන කියද්දි තේනුකත් එන්න නැඟිට්ටා...

"ඉඳපන් අපිත්-"

"ඕන නෑ... උඹලා දෙන්න ඉඳපන්...මට ගිහින් එන්න පුළුවන්...."
මං එහෙම කියලා මගෙ බෑග් එක කවිනුගෙ උකුළට දාලා අයිනෙන් තිබුණ පඩිපෙළ බැහැගෙන ග්‍රවුන්ඩ් එක අයිනෙන් රෙස්ට් රූම් එක පැත්තට ගියේ ඉන්ටවල් එක කියලා කියන්න බෙල් වදිද්දි...

"විහා වතුර එකහ්..."
යෙහෙන් එහෙම කියාගෙන ඇවිත් බිමින් ම හාන්සි වුණේ දාඩිය නාගෙන...

"ශ්-ශාලුක..."
මම යෙහෙන්ගෙ අතට වතුර බෝතලේ දීලා වොශ්රූම් පැත්තට යන ශාලුකගෙ පස්සෙන් දිව්වා...

"ඔයා හොඳින් නෙවෙයි ශාලුක..."

"ච්..."
ශාලුක මාව පැත්තකට තල්ලු කරලා ටැප් එක ඇරලා දාලා අත් දෙකෙන් ම මූණට වතුර පාරවල් ගහගෙන ගහගෙන ගියා...

එයාගෙ කන් දෙකේ ඉදලා මුළු මූණම රතු වෙලා...තොල් දෙකත් යන්තමට වෙව්ලනවා...සැරින් සැරේ එයාගෙ මූණ ඇකිලෙන විදියෙන් ම තේරෙනවා එයා ඉන්නෙ ගොඩක් අමාරුවෙන් කියලා...

හුස්මක් දුරින්...Where stories live. Discover now