08 කොටස

282 49 10
                                    

"ඕයි විහා! උඹ ඔය දැක්කෙ නෑ වගේ යනවද!?"
කවිනු කෑ ගහද්දි මං ඔලුව උස්සලා බැලුවාම තමයි දැක්කෙ සෙට් එකම බෝධිය ළඟ කියලා...අද උදේ පූජාව කොමස් එකෙන් ද කොහෙද...

ගේඩ් එක ළඟට පේනදුර නිසා වෙන්න ඇති තේනුකත් එතන....මඟෑරලා යන එක හොඳ නැති නිසා මම හෙමීට එතනට ගියා...යෙහෙන් කම්මැලිකමට මල් එක එක අතට දාලා මල් වට්ටියක් හදනවා...මම ඒක ඇදලා අරන් පිළිවෙලකට හැදුවා...කවිනු ඇපල් වගයක් කපනවා...

අපේ ඉස්කෝලෙ බෝධිය වටේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගෙ පිළිම හදලා තියෙනවා... ඉතින් දවස ගානෙ අපි අටවිසි බුද්ධ පූජාව කරනවා...එක එක දවස්වලට එක එක පන්ති වලින්.... අපේ පන්තියෙන් තියෙන්න ඇත්තෙ පෙරේදා...මම ඊයෙයි පෙරේදයි දෙකම ස්කූල් ආවෙ නෑ...ඒ නිසා මට මිස් වුණා ඒක...මම බෞද්ධ නෙවෙයි....උපතින්...ඒත් මම හැම ආගමක්ම පිළිගන්නවා හිතින්...පන්සලුත් යනවා චර්ච් එකටත් යනවා...අනිත් ආගම් දෙකේ තැන් වලට ලොකුවට යන්න වෙලා නෑ දැනට... ඒ නිසා ම මං හරි ආස වැඩක් ඒ පූජාව...

"උඹට දැන් සනීපද? බලන්න එන්න ඇහුවාමත් එපා කිව්වා... බෙහෙත් ගත්තද බං?"
තේනුක අහද්දි මං හිනා වුණා...උන්ට මට උණ කිව්වට මට හැදුණ උණක් නෑනෙ...

"දැන් ශේප්...චුට්ටක් ඔලුව රිදෙනවා විතරයි...යෙහා... ම්හ්...පැන් ඉස්සෙ නෑ මම..."
මං මල් වට්ටිය දෙද්දි ම මගෙ ළඟට තව මල් වට්ටියක් එක්ක බෑග් එකක් තල්ලු වුණා...ඔලුව උස්සලා බැලුවෙ නැතත් මම එයාගෙ අත දැක්ක නිසා මට අඳුර ගන්න බැරි වුණේ නෑ ඒ ශාලුක කියලා...

" මම ක්ලාස් එකට යනවා තේනුවා..."
මං තේනුකට එහෙම කියලා ශාලුක දිහා බලන්නෙවත් නැතිව යද්දි මට ඇහුණා යෙහෙන් අහනවා උඹලා දෙන්නා තරහ වෙලාද කියලා....

.

.

.

"උඹයි ශාලුකයි තරහ වෙලාද?"
තේනුක ලැබ් එකට යන ගමන් අහද්දි මං පොත්ටික බදන් හිනාවුණා...

"ඌ එක්ක තරහ වෙන්න පුළුවන් නම්...මම තරහ වෙලා හුඟක් කල් මචං...කරුමෙට එහෙම බැහැ..."

"මේ පාර මොකද වුණේ? එදා උඹයි ශාලුකයි වලියක් දා ගත්ත ද වොශ්රූම් එකේ? ශාලුක කණ්ණාඩිය කුඩු වෙනකන් ම අතින් ගහලා තිබුණා ඒකට...අන්තිමේ ඩොක්ට කෙනෙක් ළඟට ගෙනිහින් වීදුරු කටු අයින් කළේ...උඹ ගෙදර ගිහින් තිබුණ කියන්නෙත් නැතුව..."

හුස්මක් දුරින්...Where stories live. Discover now