22 කොටස

336 58 95
                                    


"අක්ෂී..."

"ම්හ්..."

"Akshi wake up... we're almost there..."
ශාලුක මගෙ කම්මුලට හෙමින් තට්ටු කරලා කියද්දි මම වතාවක් දෙකක් කෙඳිරි ගෑවත් ඉන්නෙ ශාලුක එක්ක කියලා මතක් වෙලා මම ඇස් ඇරලා බැලුවෙ අපි ආවෙ කොතනට ද කියලා...බීච් පාක් එකට??

මට උණ...හුළං වැදි වැදි මෙතන හිටියොත් මං මැරෙයි!
මට හිතුණ පළවෙනි දේ ඒක වුණත්

එක අතකට කමක් නෑ...මේ ගෙවෙන සාපකාර ජීවීතේට වඩා ඒක දාහින් සම්පතක් කියලා මට ආපිට හිතුණා...

"මම දන්නවා ඔයාට උණ කියලා...ඒත් මම දන්නවා ඔයාගෙ best stress reliever මුහුද කියලා.. let's go...  අපිට ගොඩක් වෙලා ඉන්න බෑ..."
ශාලුක මගෙ අතින් අල්ලලා අතේ පිටි අල්ල මහපටැඟිල්ලෙන් සිනිඳුවට අතගාලා කියලා බැහැලා ඇවිත් මගේ පැත්තෙ දොර ඇරියා...

"ම්ම්.... don't remove it...ඔයාට සීතලයි අක්ෂී... besides you're still in uniform..."
එයා එයාගෙ ඕවර් ජැකට් එක මගෙ උරහිස් වටෙන් අරන් මට අත් දෙක දාන්න කියලා ඒකෙ මැද බට්න් එකක් දැම්මා...ඒක මට ලොකුයි...ඒත් ඒක රස්නෙයි... ශාලුකගෙ සුවඳයි...මම හිනාවෙලා එයා යන තැනක යන්න කියලා එයාගෙ අත අල්ලගත්තා...

"ම්ම්...ඔයා ප්‍රශ්නෙක ඉන්නෙ අක්ෂී... You know I'm listening..."

"I didn't say anything Shaluka...ඔයා මොනවද අහන් ඉන්නෙ....මට කියන්න දෙයක් නෑ..."

"Are sure? But wise people say never ignore the silence...b'cause it also has a unique voice...

ඔයා අද මට කතා නොකළොත් මම හෙට හවසට ඔයා කලින් මීට් වුණ psychologistට ම appointment එකක් දානවා අක්ෂී...

You know I'm a man of my words when it comes to you...so... You can choose...but my personal opinion is... talking to me is way better than restarting the therapy..."
ශාලුක කියද්දි මම එයාගෙ ජැකට් එක අතක ගුළි කරගන්න ගමන් හුස්මක් පාත දැම්මෙ එයාට තවත් 'මම හොඳින්' කියලා බේරෙන්න බැරි බව තේරුම් ගිය නිසා...

"කොහොමද දන්නෙ මම ස්ට්‍රෙස් කියලා?"
මම අහද්දි එයා මුහුද දිහා බලාගෙන හිනා වුණා...

"Normally...Vihas Akshitha I know... chooses sweets when he's happy cheese when he's sad and spicy when he's stressed...am I correct....mmm?"
එයා මගෙ නිකට යට දබරැඟිල්ලෙන් කිති කවලා අහද්දි මම මුහුද දිහා බලාගත්තෙ ශාලුක මං ගැන එච්චර දෙයක් දන්නවද කියලා කල්පනා කරන ගමන්...ඒක පොඩි කාළෙ ඉඳලා මගෙ පුරුද්දක්...මම සතුටෙන් ඉද්දි මම පැණි රස ජාති කනවා නොසෑහෙන්න...ඒත් ස්ට්‍රෙස් වෙලාවට පණිරස දේවල් දැක්කත් මට කේන්ති යනවා... මට සාමාන්‍යයෙන් සැර කන්න බෑ...ඒත් හැමදේම මගෙ වැරදි...දැන් මේක ඇති...මම විඳවන්න ඉපදුණ එකෙක් කියලා හිතුණ වෙලාවට...මොනවා හරි හිතට වදයක් වුණ වෙලාවට...මම කන්නෙ ම සැර ජාති...සාමාන්‍යයෙන් මම දුක හිතුණාම වැඩියෙන් තෝරන්නෙ චීස් ජාති...දුක හිතුණා ම කට පුම්බගෙන කෑම එකේ චීස්වලින් නූල් වගේ ඇද ඇද ඉන්න එක මට පුරුද්දක් වෙලා...කවියා ඒම ෆොටෝ එකකුත් ගහලා තිබුණා...

හුස්මක් දුරින්...Where stories live. Discover now