05 කොටස

302 47 14
                                    

"බබා...චිකන් එක රෙඩී...මම වොශ් එකක් දාගෙන එන්න මේ නිවුණට පස්සෙ බාස්කට් එකට දාන්න හොඳද!?"
කවිනු කිචන් එකේ ඉඳන් කෑ ගහද්දි මම අන්තිම පලතුරු ටික කප කප හිටියෙ...යෙහෙන් තාම ආවෙ නෑ... ශාලුක අපි හදපු කෑම ටික පහළට ගෙනිහින් වාහනේට දානවා...ඕපනේජ් එකේ කෑම ටික මගෙ වාහනේට දාලා න'සරි එකේ ටික කවිනුගෙ එකට දාන්න තමයි අපි කතා කර ගත්තෙ...

"අක්ෂී...you go and change... I'll do this..ඔයාට ලේට් වෙයි..."
ශාලුක මගෙ අතින් පිහිය අරගෙන මට යන්න කියද්දි මම ටිකක් බලන් ඉඳලා කාමරේට ගියා...තේනුක කොහොමත් ඇඳුම් මාරු කරගෙන හිටියෙ... කවිනු වොශ් දාන්න ගිය නිසා මම මගෙ රූම් එකට ගියේ මාත් ඇඟ සෝදගන්න... වෙලාව නවය හමාරයි....අපි දහය වෙද්දි යන්න ඕනෙ...එතනට යන්න ම පැයක් විතර යනවා... ළමයින්ට දොළහ පහු නොවී කෑම ටික දෙන්නත් ඕනනේ...එයාලගෙ ස්තූති කතා ඒව මේවත් තියෙනවා... කෑම කාලා ඉවර වෙලත් අපි පැය දෙකක් විතර එතන ළමයි එක්ක ඉන්නවා...

"හරිනෙ එහෙනම්...මගෙ වාහනේ තියෙන බඩු ටික ඕන වෙන්නෙ හවසට නෙ....අපි කෙලින්ම අතනටම එනව හොඳේ..."
කවිනු එහෙම කියලා තේනුකගෙ අතින් ඇදගෙන වාහනේට ගොඩ වෙද්දි මම යතුර අතේ තියන් එහෙ මෙහෙ වෙවී හිටියෙ ශාලුක සාමාන්‍යයෙන් පැසෙන්ජර් සීට් එකේ යන්නෙම නැති තරම් නිසා...

එයාට ඩ්‍රයිව් කරන්න කියන්නත් බෑ... මුකුත්ම අහන්නෙ නැතුව මට ඩ්‍රයිව් කරන්නත් බෑ...

"Any problem Akshi? Why are you waiting?"
ශාලුක මගෙන් අහන ගමන් පැසෙන්ජර් සීට් එකේ පැත්තෙ දොර අරිද්දි මම එයාට යතුර දුන්නා...

"ඔයා ඩ්‍රයිව් කරන්න..."
මම එයා උත්තර දෙනකල් නොඉඳ එයාටයි කා එකටයි මැදින් රිංගලා පැසෙන්ජර් සීට් එකෙන් වාඩිවෙලා දොර වහගත්තා...

.

.

.

.

"මෙතනින් වමට නේද?"
ශාලුක අහද්දි මම ඔව් කියන්න ඔලුව වැනුවා...

මං හිටියෙ ෆෝන් එක දිහා බලාගෙන... අම්මා ඉන්ස්ට අකවුන්ට් එක අප්ඩේට් කරලා...එයා මේ දවස්වල යාළුවෙලා ඉන්න ඇමතියා එක්ක දළදා මාළිඟාවෙ ගිහින්...මං ඒ දිහා බලන් හිටියෙ හරි හිස් හැඟීමකින්... එයා කරන්න තියෙන වැරදි සේරම කරලා කිසි දෙයක් නොවුණ ගානට ඉන්නවා...අපෙ රටේ මිනිස්සුත් එයාට මාර ආදරෙයි...අනේ මන්දා...

හුස්මක් දුරින්...Where stories live. Discover now