36 කොටස

277 46 77
                                    


"යෝහ් මගේ ලව් එක...තවුසෙ නැතුව සාංකාවෙන් හිටියෙ ඒයි මම....අපේ ඇකඩමි එක පැත්තෙ ආවට ඔය මහත්තයට හෙන ගහන්නෑ හැබැයි!"
මම ගේට් එකෙන් ඇතුළට යද්දි ම තේනුක මගෙ කරට පැන්නා...මම යන්තන් බැලන්ස් කරගෙන වැටෙන්නැතුව ඌවත් කරේ එල්ලගෙන ඇතුළට යද්දි ආන්ටි අපි දෙන්නව දැකලා හිනා වුණා...

"පුතා ඔය ළමයගෙ කොන්ද ගැස්සෙයි..."

"මෙයාට මාව බරක් නෙවෙයි අම්මා... අම්මා බලන්නකෝ විහස් මහ නරකයි මාව අමතක කරලා!"

"ඒ මොකෝ ඒ...විහස් පුතාට ගෑණු ළමයෙක්වත් ඉන්නවද දැන්?"
ආන්ටි අත් දෙක බැඳන් අහද්දි මම හිනාවුණා...

"අනේ නෑ ආන්ටි...මම කම්මැලි කමේ හිටියෙ...මෙයානෙ මේ ඩාන්සින් වැඩ අල්ලගෙන ඉන්නෙ..."

"අපෙ එක්කෙනාට නම් ගෙදර ඉද්දි අපිවත් අමතකයි... ෆෝන් එකේ රාජකාරිය...පුතා දන්නවද මගෙ කොල්ලා හොරකන් කරගෙන යන්න හදන කෙල්ල ගැන?"
ආන්ටි වටේ කතා නැතුව කෙලින් ම අහද්දි මම තේනුක දිහා බලලා නෝන්ඩියට හිනාවුණා...

"ඒව්...මේකට කෙල්ලෙක් සෙට් වුණොත් මම හිට ගන්නවා ඔලුවෙන්! ආන්ටි බය වෙන්න එපා එකටම ඔය මොකක් හරි පොතක් අහුවෙලා වෙන්නැති..."

"හ්ම්...හ්ම්...දැන් ලොකු ළමයිනෙ...මට ඔය වයස ගැන නොතේරෙනවා නෙවෙයි...මගෙ ඉස්කෝලෙත් ඉන්නෙ කොල්ලොම හාරපන්දහක්නෙ පුතා...

ගෑණු ළමයෙක් නම් හිටියත් වරදක් නෑ...එන්න එන්න තේ බොන්න මෙන්න මෙයා කේක් එකක් හදලා තනියම හරියට..."
ආන්ටි ගෑණු ළමයෙක් කියන එක බර කරලා කියලා තේනුවා කේක් හදලා කියලා විහිළුවකුත් කරගෙන ගේ ඇතුළට ගියා...ආන්ටි ඒක නිකන් ඇහුවා වෙන්න බෑ...මුන් දෙන්නගෙ අෆෙයා එක කවියගෙ පවුලෙ අය දන්නවා වුණාට තේනුකගෙ ගෙදරින් දන්නෙ නෑ...ඒ වගේමයි කවදාවත් දෙපැත්තෙන් එක පැත්තක හිත් නොරිද්දා ඒක විසඳුමක් වෙන්නෙත් නෑ...කවියා නම් කතා කරන හැම වෙලාවකම කියන්නෙ 'බලෙන් එපා කියද්දි ළඟට ආව නම් දැන් යන්න අහන්න එපා ආදරේ කරන කොල්ලා වෙන එකෙක්ට දීලා බලන් ඉන්න තරම් බෝසත් නෑ මම' කියලා..

විජේසූරිය ෆැමිලි එක...තනිකරම කළු පැල්ලම් ගුහාවක්...අංකල් ශාලුකගෙ සීයා එක්ක කරන්න තියෙන බලුවැඩ සේරම කරනවා...තෙවිනු අයියා ඒවට නැති වුණාට කවියා ඩිරෙක්ට්ම සම්බන්ධයි ඔය හැමදේටම... ඌ අපි එක්ක නෝමලි හිටියට අනිත් වෙලාවට මල යකා...

හුස්මක් දුරින්...Where stories live. Discover now