13 කොටස

310 43 60
                                    

"නවී...බබා...ඔයා අද ග්‍රවුන්ඩ් එකට එනවද?"
කවිනු අහද්දි තේනුක් හිනාවෙවී අතේ තිබුණ බිස්කට් කෑල්ල කටට දා ගත්තා...

"ම්ම්....ඕඕ...මමයි විහායි අද ලියන්න තියෙන පේපර් එක පෙරේදා ලිව්වා ඔයාලගෙ මැච් එක බලන්න එන්න ඕනි නිසා..."
තේනුක හිනාවෙද්දි මමත් ඔව් කියන්න ඔලුව වැනුවාම යෙහෙන් මගෙ කොණ්ඩෙ අවුල් කළා....ස්පෝට්ස් මීට් ඉවර වෙලා හැරිලා හුස්ම ගන්න නෑ හැම අවුරුද්දකම මැද තියෙන ෆුට්බෝල් ෆෙස්ටා එකට ප්‍රැක්ටිස් පටන් අරගෙන....

අද දිස්ත්‍රික් ලෙවල් සෙමි ෆයිනල්ස්.... කරුමෙට වගේ මේ පාරත් ෆයිනල් යන්න ඉතිරි වෙලා හිටියෙ හිටියෙ අපියි දේවින්දලාගෙ ඉස්කෝලෙයි තව ටවුන් එකෙන් ටිකක් ඈත මික්ස් එකක සෙට් එකකුයි...කවුරුත් දන්නවා ඒ ටීම් එකට චාන්ස් එකක් නෑ...ඒ ළමයින්ට් අපේ තරම් ෆැසිලිටීස් නෑ.... මෙච්චර දුර ආව එකත් ලොකු දෙයක්....

ඒත් කොළඹ ෆුට්බෝල් කිව්වාම කාගෙත් ඔලුවෙ තියෙන්නෙ අපේ Maroon and White flag එක...ශාලුක කැප්ටන් වෙලා තාම අවුරුද්දක් වගේ....ඒ ගෙවුණ කාලෙට අපිට එකම මැච් එකක්වත් මිස් වෙලා නෑ...ඒ වගේ ම කලින් වතාවල් වලට සාපේක්ෂව රණ්ඩුවලට පැටලුණත් අඩුයි...ශාලුක දේවින්ද එක්ක පැටලෙන්නෙ මැච් එක වෙලාවට නෙවෙයි...ඉස්කෝලෙන් එළියෙ තනියම...ඒ නිසා ම ශාලුකට ගොඩක් අය හොඳ කියනවා... ෆුට්බෝල් වල වලි අඩු කළා කියලා...ඒවුණාට ඉතින් අපිනෙ දන්නෙ මූ පොර කුකුළා වගෙ ඇවිලෙන්නෙ රෑට රෑට පාරවල් ගානෙ කියලා....

" විහා කා එකේ ද එන්නෙ? මාවත් මේ පාර රිසව් දාලා බං..."
කවිනු කට ඇද කරගෙන කියද්දි මට හිනා ගියා...

"උඹ ටීම් එකේ ඉන්න තිබ්බෙ...ප්ලේ කරන්න බැරුව නෙවෙයි නෙ..."

"හ්ම්...ඒවුණාට මට රගර් වගෙ මේක සෙට් නෑ...අවුලක් නෑහ්...පැවිලියන් එකට වෙලා මොනාහරි කකා බලන් ඉඳිල්ලක් තියෙන්නෙ...ඒකයි මම උඹලා දෙන්නා ගෙන්න ගන්න දඟලන්නෙ.."

"කෙලින් කියපන් උඹට එන්නෝනි මූ විතරයි කියලා..."
මම තේනුකව පෙන්නලා කියද්දි කවියා හිනා වුණා...

"නෑහ්...උඹත් ඕනි විහා...අපේ කැපාගෙ   ඇඩ්‍රිනලින් විදෙනවා උඹ දැක්කා ම...හැබැයි පුතේ අර ප#යගෙන් පරිස්සම් වෙලා ඉඳපන්...තනියම අරහෙ මෙහෙ රෝන්ද ගහලා අර දේවින්ද බ## එක්ක කොකු දාගන්නෙපා..."
යෙහා මගෙ උරහිස වටෙන් අත දාගෙන කියද්දි මම හිනා වුණා...

හුස්මක් දුරින්...Onde as histórias ganham vida. Descobre agora