23 කොටස

281 57 119
                                    

"ඕයි ක...වියා...අර පාරට පලය්-යන්...කො!!"

"මොකෝ සීන් එක මචං?"

"අන්..නහ් අරහෙ ල්-ලූකා...අරූවහ් මරනවා බං!!"

"කොහෙද!?"

"මාර ගහහ්...යට..."
ගේට් එක ළඟ ඉඳන් හති දදා රිය නියාමක එකේ ඉන්න තරුෂ කෑ ගහද්දි කවිනු අපි දෙන්නට අතින් යනවා කියාගෙන දිව්වෙ මමත් තේනුකට ඉන්න කියලා කවියා පස්සෙ දුවද්දි.... මට යන්තමට වගේ තේරිලා තිබුණෙ කවුරු එක්කද රණ්ඩු වෙනවා ඇත්තෙ කියලා...මේ වතාවෙ නම්...මොනවා වෙයිද දන්නෙ නෑ...

අපි එතනට යද්දිත් වටේ සෙනඟ පිරිලා...දේවින්දගෙ යාළුවා හිමාෂව  තව කොල්ලො දෙන්නෙක් ඇඟට වාරු කරගෙන ඉන්නවා...උගෙ තොලක් පැලිලා...නහයෙන් ලේ එනවා...ඌ මාව මරාගෙන කන්න වගේ බලලා ආයෙ දේවින්දව බිම දාගෙන ගහන ශාලුක දිහා බැලුවා...

දේවින්දව මට පෙනුණෙ නෑ ශාලුකට වැහිලා...ඒත් ශාලුක දේවින්දගෙ ශර්ට් කොලර් එක අතකට මිරික ගෙන අනිත් අතින් එකපිට එක ගහනවා...කවියා යෙහෙන් දෙන්නම අල්ලලත් ශාලුක නතර කරන්නෙ නෑ...ඒ අස්සෙ ඉස්කෝල දෙක පැටලිලා වටේ සෙට් වෙලා හිටිය කොල්ලොත් ගහ ගන්න පටන් ගනිද්දි රණ්ඩුව බේරන්න බැරි ගානට ගියා...

"ශාලුක!!"
දේවින්ද ශාලුකව තාප්පෙට හිර කරද්දි එතන තිබුණ කණුවෙ එයාගෙ ඔලුව වදිනවා දැකලා මට කෑ ගැස්සුණා...

"එපා!!"
ඒත් දේවින්දගෙ මුළු මූණෙම ලේ කියලා දැක්කා ම මට ඊට වඩා සද්දෙට කෑ ගැස්සුණා...ශාලුකගෙ අතේ බයිසිකල් චේන් එකක්...එයා ඒක අතේ ඔතාගෙන නිසා එයා ගහන පාරවල් වලට සැරටම තුවාල වෙනවා... එයාගෙ අතත් ලේවලට වැහිලා...

"මොකද්ද මෙතන වෙන්නෙ ආආ!! වටේ ඉඳන් කෙල ගන්නවුන් පලයල්ලා ඉස්කෝල ඇතුළට!!"
දේවින්දලාගෙ ඉස්කෝලෙ හෙඩ් නුරාන්  කෑ ගහගෙන ඇවිත් අනිත් ප්‍රිෆෙක්ට්ලා එක්ක වටේ වලි බේරද්දි අපෙ හෙඩාත් ආවා... දේවින්ද එක්ක වැඩිමල් වුණාට ශයි එකක් මිස් කරලා අපි එක්ක ලියන නිසා ඌත් තාම ඉස්කෝලෙ එනවා... බෝඩ් එකත් අපෙ වයසෙ නිසා කොල්ලොන්ට ගානකුත් නෑ... ඒත් ප්‍රිෆෙක්ට්ලා ආවට පස්සෙ ටිකක් විතර වැඩේ කන්ට්‍රෝල් වුණා...

"කවුද යකෝ ඒ විනාඩි පහට පොලීසියට කෝල් කරපු එකා!?"
කවුරුහර කොල්ලොක් කෑ ගහනවා ඇහුණත් මම ඔලුව හරවලා නොබල ම කවියයි යෙහායි එක්ක දේවින්දව ශාලුකගෙ අතින් අතාරවද්දි උගෙ යාළුවො ඌව ඇදලා ගත්තෙ මිනිහා දැනට ම මැරිලා වගෙ නිසා...මම එද්දි වැනි වැනී හරි හිටගෙන හිටියත් දැන් නම් උගෙ ඇස් දෙකත් රෝල් වෙලා...

හුස්මක් දුරින්...Where stories live. Discover now