55 කොටස

195 49 60
                                    


"ශුවර් ද?"

"හැමදේම රෙඩී..."
ජෙෂ් ගානක් නැතිව ටූත් පික් එකට තව කඩල ඇටයක් අමුණගෙන කියද්දී මම නැන්දා දිහා බැලුවා...

"අනිවාර්යයෙන්ම....මේකට සේපාල දේවේන්ද්‍ර ආරච්චි පිස්සු බල්ලෙක් වගේ ඇවිස්සෙනවා!"
නැන්දා එයාගෙ අතේ තියෙන කඩල එකට පිඹින ගමන් කියද්දි මම සෝෆා එකේ ඇන්දට හේත්තු වුණා...

"දැන් එතකොට ගේම් එක ක්ලෝස් කරන්නද යන්නෙ?"
මම අයියගෙ දිහාට හැරෙද්දි අයියා පපුවට අත් දෙක බැඳගෙන මගෙ දිහා බලාගෙන හිටියා...

"ස්ක්‍රිප්ට් එකේ හැටියට...මේ නඩුව අවසානෙ අධිචෝදනා ගොඩකට වසන්ත දේවේන්ද්‍ර ආරච්චි හිරේ යනවා... අවුරුදු අනූනවයකට වගේ...."

"අයියා දන්නවා අගමැතිතුමා පවුල එකාටවත් ඇතුළට යන්න දෙන්නෙ නැහැ කියලා...."

"ඒ අගමැතිතුමා යහතින් හිටියොත් නෙ?"
අයියා ඇහිබැමක් උඩ දාලා කියද්දි නැන්දත් ඔලුව උස්සලා බැලුවා...

"පුදුම වෙන්න එපා...ඔය මිනිහා නිසා මම නොසෑහෙන්න විඳෙව්වා...ඌට එකපාර මැරෙන්න බෑ...කරපු පව් මතක් කරලා විඳවන්න වෙලාව ඕනෙ.. ඒ වැඩේ ගානට සිද්ධ වෙයි....පහන් පාඩුවෙ ඉන්න මගෙ අතේ විතරක් ලේ ගෑවුණා ම ඇති...

ආර්යා වෙනුවට නඩුවට යවන්න කෙල්ලෙක් හරිද?"
අයියා අහද්දි ජෙශ් ඔව් කියන්න ඔලුව වනලා බියර් කෑන් එකක් කඩලා කටේ තියා ගත්තා....

"අගමැතිතුමාට  31st night එක forever memorable වෙන්නයි යන්නේ!"
අයියා හිනාවෙවී අත් දෙක එකට අතුල්ලන ගමන් ෆෝන් එකත් අරගෙන පුටුවෙන් නැඟිට්ටා...

"ජෙෂ් පරිස්සමට ඉන්න....ආරිවත් බලාගන්න...දෙන්නම වෙනදට වඩා අවධානෙන් ඉන්න...මම යනවා..."
අයියා එහෙම කියලා එළියට යද්දි මම අයියා ඒ පැත්ත බලාගෙන හිටියා....

"අගමැතිතුමා උඹ එක්ක කතා කරන ඒව ලීක් වෙලා උඹට අවුලක් වෙන එකක් නැද්ද?"
කවියා අහද්දී මම හිනාවුණා...

"උපරිම වුණොත් මැරෙයි බං...දරුවව බලාගන්න අය ඉන්නවනෙ! ප්‍රශ්නයක් නෑ..."
මං ඇහැක් ගහලා කියද්දි කවියා උගෙ අතේ තිබ්බ හැන්දෙන් මගෙ ඔලුවට ගැහුවා...

හුස්මක් දුරින්...Where stories live. Discover now