35 කොටස

248 45 114
                                    

මම චර්ච් එකට වෙලා රෑ හත විතර වෙනකන් හිටියා... මට උදේ ඉඳලා දැනුණ දුක ටිකක් හරි අඩුයි කියලා හිතෙනකල් ඇඬුවා...ඩයරි එක කියව කියව මම ඉකි ගගහා ඇඬුවා....ඔලුව පිපිරෙන්න රිදෙන ගානට එනකන් පැය දෙකක් දෙක හමාරක් ම පාළු අඩ අඳුරු හෝල්  එක ඇතුළෙ අඬා වැටුණ මට නින්ද ගිහින් ඇහැරෙද්දි වැස්ස නතර වෙලා තිබුණා...සයි තනියම කියලා මතක් වුණ නිසා මම අපාට්මන්ට් එකට එන්න හිතන් හිටපු තැන ඉඳන්ම ලේඩි මරියටයි ජීසස්ටයි හිතින් තෑන්ක් කරලා ශූස් දෙකත් දාගෙන එන්න ආවෙ හතට විතර...

කා එක පහළින් දාලා කම්ප්ලෙක්ස් එකේ මාකට් ඒරියා එකෙන් විස්කි බොට්ල් එකකුත් අරගෙන ඒක කඩලා කටේ ගහගෙන ම ලිෆ්ට් එක පැත්තට ආවා...බීලා බීලා ම දැන් ඒක ගානකුත් නෑ...නැත්තෙ නෑ... ඉස්සර වගේ එක ශොට් එකෙන් ඩවුන් වෙන්නෑ...ඒත් අඩු තරමෙ හීන නොපෙනි නින්ද යනවනෙ.. පහුවදාට ඔලුව රිදෙන එක වෙනම කතාවක්...

මම ලිෆ්ට් එකෙන් එළියට ඇවිත් මගෙ අපාට්මන්ට් එක ළඟට එද්දි දොර ළඟ බිම කවුරුහරි වාඩිවෙලා හිටියා... කවුරුහරි නෙවෙයි...මම අඳුර ගත්තා.. ඒත් මට ඕන නෑ අඳුර ගන්න... එයාම කිව්වා මං එක්ක වෙලාව නාස්ති කරන්න බැහැ කියලා...

ඉතින් ආයෙමත් ඇයි!!?

"නිදිද?"
මම දොරට පිට හේත්තු කරගෙන දණහිස් අස්සෙ ඔලුව ගහගෙන ඉන්න ශාලුකගෙ කකුලට සපත්තුවෙන් තට්ටු කරලා අහද්දි එයා ඔලුව උස්සලා බලලා කලබලෙන් නැඟිට්ටා... නැඟිටලා දෙපාරක් නොහිතා මගෙ හුස්ම යන ගානට මාව තද කරලා බදා ගත්තා...

"ශ්හ්-ශාලුක්...කහ්...හුස්..ම ගන්-න බැ..ම්-මට..."

"බය හිතුණා!"
ශාලුක ටිකක් හග් එක රිලැක්ස් කළත් මට තවමත් අත් දෙක හොලව ගන්න ඉඩක් නෑ...මාව චප්ප වෙලා මේ යෝධයට!

"ශාලුක...ඇතුළට යමු ද? ඇයි එළියෙ හිටියෙ? ඔයාට දොර අරින්න පුළුවන් නෙ?"
මම කියන කිසිම දේකට රිප්ලයි එකක් නැතිව එයා මාව බදාගෙන ඉන්න නිසා මම එයාවත් ආම්බාන් කරගෙන ෆින්ගර් ප්‍රින්ට් එක දීලා දොර ඇරලා ඇතුළට ගිහින් දොර වැහුවා...හවස හයෙන් පස්සෙ මේකෙ දොර ඇරෙද්දි ලිවින් ඒරියා එකේ ලයිට්ස් ඔන් වෙනවා...දොර ඇරෙද්දි ම තඩියා දුවන් ඇවිත් මගෙ ඇඟට පැන්නා ම මම ශාලුක ව අතෑරලා එයාව බදාගෙන ඔලුවට චූටි කිස් එකක් දුන්නා...

හුස්මක් දුරින්...Where stories live. Discover now