04 කොටස

323 48 21
                                    


"විහා...උඹ මොකද්ද බං කරන්නේ!?"
තේනුක කෑ ගහද්දි මම ඉක්මනට බොඩි ස්ප්‍රේ එක ලොකර් එකට දාලා වහලා ලිවින්ග් ඒරියා එකට දුවගෙන ආවෙ ආයෙම වතාවක් කණ්ණාඩියෙන් මූණ බලලා...

වැඩි දෙයක් කළේ නෑ...බ්ලැක් ෆිට් ඩෙනිමකට ඉස්සරහ අමුතු බබෙක් ඉන්න සුදු ශර්ට් එකක් යට කරලා ඇඳලා ලා රෝස පාට හූඩි එකක් දැම්මා...මම හැමදාම දාගෙන ඉන්න සිල්වර් චේන් එකයි තව වම් අතට චූටි බ්‍රේස්ලට් එකක් එක්ක මැද ඇඟිල්ලට මහත සිල්වර් රින්ග් එකක් දැම්මා...ඒ සෙට් එකේ ම පටවල් හතරක සිල්වර් චේන් එකක් ට්‍රවුසර් එකේ දකුණු පැත්තෙ කකුලට  වැටෙන විදියට සෙට් කළා...කොණ්ඩෙ කොහොමත් හැදුවට වැඩක් නෑ අවුල් වෙනවනේ...

කොණ්ඩෙ කොහොමත් හැදුවට වැඩක් නෑ අවුල් වෙනවනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"තඩියෝ...අයියා එද්දි රෑ වෙනවා බබී..ඔයා නිදියන්න හොඳද...කෑම තියෙනවා...වතුරත් තියෙනවා...අයියා ලයිට්ස් දාලා යන්නෙ...කෑ ගහන්නෙ නැතුව ඉන්න හොඳද?"
මම සයිලෝගෙ ලෝම ටික අවුස්සලා ඒකව බිම පෙරල ගෙන කෝලමක් කරලා තේනුක එක්ක අපාට්මන්ට් එකෙන් එළියට පැන ගත්තා...

"හෙමීට යමන් හරිද!? අපෙ අප්පච්චි මාව උල තියයි.."
තේනුක වාහනේ දොර ඇරගෙන වේලාසනින් ම කියද්දි මට හිනා ගියා...

.

.

.

.

"නවී!"
අපි දෙන්නා වටේ උන් අමුතුවට බලන නිසා ම ටිකක් ඉක්මනට ඉක්මනට කවිනු ඉන්නවා කිව්ව තැනට යද්දි දුර තියාම කවිනු සද්දෙට තේනුකගෙ නම කියාගෙන ආවෙ වටේ හිටිය උන්ට ඇහෙන්නත් එක්ක...

බයික් රේස් කියන්නෙ....මෙතනට එන එකෙක්වත් හොඳ උන් නෙවෙයිනෙ ඉතින්...මට හිතුණා රෝස පාට එකක් ඇඳන් ආව මෝඩකම කියලත්...

හුස්මක් දුරින්...Where stories live. Discover now