14 කොටස

356 53 88
                                    


"අක්ෂී..."
ශාලුකගෙ කටහඬ කාමරේ දොර ළඟින් ඇහෙද්දි මම පුදුම නොවුණත් මට ඔලුව උස්සන්න උවමනාවක් තිබුණෙ නෑ...මම අපාට්මන්ට් එකේ එකම ලයිට් එකක්වත් දාලා තිබුණෙ නෑ....සයිලෝව බැලුවෙත් නෑ...

මම හිටියෙ කේන්තියෙන්...දුකෙන්...ඒ වගේම දේවින්දට ගැහුව එක ගැන බයකුත් නොතිබුණා නෙවෙයි... මට ඉන්නෙ මම විතරයි... අම්මගෙ අප්පගෙ පවර්ස් පෙන්නන්න කෙනෙක් නෑ මට...ඒ වගේමයි දැන් දේවින්ද ඕක ගිහින් ගෙදර කිව්ව ගමන් මමා මට කෑ ගහනවා...

මට හැමවෙලාවකම මාව දැනුණෙ මේ ලෝකෙ ඉන්න අවාසනාවන්ත ම මනුස්සයා වගේ..වගේ කියන්න දෙයක් නෑ ඒ මම තමයි කියලා මට හිතුණ වාරත් අනන්තයි....

මම දේවින්දට වරදක් කරලා නෑ... ඒත් ඌ මට පන්න පන්න වද දෙනවා...ඒ මදිවට ඒකා මගෙ ඇඟේ එල්ලෙන හැම වතාවක ම ශාලුක මගෙ ඇඟට කඩන් පනිනවා... මම හිටියෙ හැමදේම ඇති වෙලා...

මම පාඩුවෙ ඉන්න ලබලා නැද්ද? මම හිනා වෙන්න හොඳ නැද්ද? ඇයි මටම...ඇයි මම ම? ඇයි විඳවන්න ම විතරක්?

"අක්ෂී..."
ශාලුක මගෙ ඔලුව අතගාන ගමන් ඇඳ අයිනෙන් වාඩිවුණා දැනුණත් මම ඔලුව උස්සලා බැලුවෙ නෑ.... මට තනියම ඉන්න ඕනෙ...

"කෝ අතන දේවින්දට කෑ ගහපු චණ්ඩියා ඉතින්..."

"ච්...ප්-පාඩුවෙහ්...ආව්...ඉන්-නහ් දෙන්...න... ආආආහ්... ශ්-එපාහ්...ශාලුකහ්!!"
ශාලුක මගෙ ඉණ දෙපැත්තෙන් අල්ලලා කිති කවද්දි මට චුට්ටක් ඇත්තන් කිති නිසා මම ඇඳ පුරාම ඇඹරුණේ ශාලුක කිසි ගානක් නැතුව මගෙ ළඟින් ඇල වෙලා මට කිතිකවද්දි...

"ඔය හිනාවෙන්නෙ...වාඩිවෙන්න..."
ශාලුක මගේ අතින් ඇදලා මාව වාඩි කරවන ගමන් මගෙ කම්මුල් දෙකේ කඳුළු පිහදුවා...තේනුක ඇවිත් දොරෙන් එබුණාම මම ශාලුකගෙ අත් දෙක අයින් කරලා කඳුළු පිහිදගත්තා...

"කට්ටිය එළියෙ විහා....වොෂ් එකක් දාන් එන්න...අපි මෙයාලා දිනුව එකට අපි අද ෆිල්ම් ඩේට් එකක් ඕගනයිස් කළා..."
තේනුක මට එහෙම කියලා යන්න හැරුණා...

"මෙහෙ? මට නොකියා?"

"හ්ම්...ඔයා එපා කියන්නෑනෙ අක්ෂී... hurry up..."
ශාලුක මගෙ කම්මුලෙන් ඇදලා ඇඳෙන් නැඟිටලා එළියට ගියා...ඒ නිසා මමත් අතට අහුවුණ ඇඳුමක් අරන් වොශ්රූම් එකට ගියා...

හුස්මක් දුරින්...Where stories live. Discover now